දරුස්මාන් වාර්තාව සෑදූ කංඩායමේ සිටි යස්මින් සූකා මහත්මිය මේවන විට එංගලන්තයේ වෙසෙන ජෙයරාජ් පළිහවඩන මහතාට විරුද්ධව අලාභ ඉල්ලා එංගලන්ත උසාවියක නඩුවක් ගොනුකර තිබීම පිළිබඳව ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුවේ ලේකම් යසස් ධර්මදාස මහතාගෙන් ලංකා ලීඩ්ස් නිවුස් වෙබ් අඩවිය විමසනලදී. එහිදි ඒ මහතා පවසා සිටියේ ” අපට තිබෙන තොරතුරු වලට අනුව යස්මින් සූකා මහත්මිය කොටි හිතවාදිනියක් ලෙස ජෙයරාජ් පලිහවඩන මහතා හඳුන්වා තිබීම මෙම සිද්ධියට බලපෑ ආසන්නතම හේතුවයි.
ජෙයරාජ් පලිහවඩන ලන්ඩන් නගරය ආශ්‍රිතව ජීවත්වන ශ්‍රී ලාංකික දේශ ප්‍රේමියෙක්. ඔහු ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ එක්සත් රාජධානි ශාඛාවේ ලේකම් දූරය දරනවා. එසේම “ලංඩන් ඉනීශියේටිව්” සංගමයේ සභාපති දූරය දරන්නේත් ඔහුමයි. ඔහුව නිහඬ කිරීමෙන් අදහස් වන්නේ දෙමළ ඩයස්පෝරාවට විරුද්ධව කතාකරන බලවේග සියල්ලටම ඉබි යතුරු දමන බවයි. ජෙයරාජ් පලිහවඩන මහතා පසුගිය 46වන ජිනීවා සමුළුවට ඉදිරිපත් කරන ලද වාර්තාවක් “ලංඩන් ඉනීශියේටිව්” හි “ෆේස් බුක්” පිටුවේ පලකර තියෙනව. එම වාර්තාව මංගල සමරවීරල දොහොත් මුදුන් දී පිළිගත්ත OISL වාර්තාව පාදක වුන දරුස්මාන් වාර්තාවෙ ඉඳලම අධ්‍යයනය කරල ඒ පිළිබඳව විශ්ලේෂණයක් තමයි ජෙයරාජ්ල පලකර තියෙන්නෙ.
ඒ අධ්‍යයනයට අනුව යස්මින් සූකා මහත්මියගෙ ක්‍රියා කලාපය කොටි හිතවාදී සේ පෙනෙන බව ප්‍රකාශ කිරීමෙන් ඇගේ කීර්ති නාමයට අගෞරවයක් වී ඇති බවටත්, පුද්ගලික තොරතුරු රැකීම උල්ලංඝණය කර ඇති බවටත් තමයි චෝදනාව. යස්මින් සූකාට ජෙයරාජ් ප්‍රකාශ කරල තියෙන්නෙ තිත්ත උනත් ඇත්ත තමයි . යස්මින් සූකලාට මෙලෙස ක්‍රියාකරන්න හැකිවෙලා තියෙන්නෙ අපේ ආණ්ඩුවේ තියෙන උදාසීන ක්‍රියාකලාපය නිසයි. ඒ වගේම අපි මේ යුද අපරාධ ලේබලයෙන් බේරගන්න හදන රණවිරුවන්ද ඒ වගේම උදාසීනයි. හරිනම් අපේ රණවිරුවන් යස්මින් සූකාට විරුද්ධව නඩු දාන්න ඕන තහවුරු කර නැති චෝදනා ගෙනැවිත් ඔවුන්ගෙ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරල තියෙනව කියල. රණවිරුවන් ඔවුන්ට විරුද්ධව එල්ලවී ඇති චෝදනා වලට පිළිතුරු දෙන්න මෙතරම් උදාසීන ඇයි කියා අපට හිතාගන්න අපහසුයි.ඔවුනට තනි තනිව නඩු කටයුතු මෙහෙයවීම අපහසු බැවින් ඔවුන් අඩුම තරමෙ ආණ්ඩුවට බලකල යුතුයි තමන් පිළිබඳව මෙයට වැඩිය අවධානයෙන් කටයුතු කළ යුතුයි කියා. දැන් යස්මින් සූකල රණවිරුවන් 57 දෙනෙකුට විරුද්ධව චෝදනා ගොනුකරල ඉවරයි. ලබන ජිනීවා සැසියෙන් පසු බලාගන්න හැකිවේවි අපේ රණවිරුවන්ට මොකද වෙන්නෙ කියල.
ෂවේන්ද්‍රලව, චාගිලව, ජගත් ඩයස්ලව යුරෝපෙදි කොටු කරගන්න පහුගිය වතාවල නොහැකි උනාට ජෙයරාජ්ව ලන්ඩනයේදී කොටුකරගන්න පුළුවන්. මේ ආරම්භයක් විතරයි. ඒ වගේම සමහර සාමාන්‍ය ජනයා සහ විපක්ෂයත් කියන දෙයක් තමයි රාජපක්ෂල යුද්ධය දිනුවාය කිය කියා යුද්ධය තාම මාකට් කරනව කියන චෝදනාව. අපේ අය මාකට් කරත් නොකරත් ජාත්‍යන්තරයේ අපට විරුද්ධව වෙන දේවල් නොනැවතී සිදු වෙනව. එබැවින් දැනට අපට රට වෙනුවෙන් නඩු දෙකකට මැදිහත් වෙන්න වෙලා තියෙනව. එකක් කැනඩාවෙ ඔන්ටාරියෝ ආණ්ඩුවට එරෙහිව. ඔවුන් ලංකාව ද්‍රවිඩයින් සමූලඝාතනය කරා කියා ඉගැන්වීමට අවසර දීල තියෙනව. ඒ පිළිබඳව ශ්‍රී ලංකා කැනඩා ක්‍රියාකාරී කමිටුව නඩුවක් දැමීමට සූදානම් වෙනව. දැන් මේ ලංඩන් වල යස්මින් සූකාගෙ නඩුව. මේ ආණ්ඩුවේ ඉන්නව අපත් සමග ජිනීවා ගිය ඇමතිවරු හා රාජ්‍ය ඇමතිවරු. ඔවුන් දන්නව අපි කොපමණ අමාරුවෙන්ද ජිනීවා වැඩ කටයුතු කළේ කියල. නමුත් අපට ආණ්ඩුවෙන් මේ සඳහා සත පහක ආධාරයක් ලැබෙන පාටක් පෙනෙන්න නෑ. නමුත් දේශප්‍රේමීන්ගෙ උදව් මෙහෙදිත් අපිට ලැබේවි කියා විශ්වාස කරන්නෙ” යනුවෙන් පවසන ලදී.




ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...