ඩොලර් උත්පාදනය කරන කාර්මික අමුද්‍රව්‍ය ආනයනට සීමා බාධක පනවා ඩොලර් අනුභව කර කොමොඩ් එකට යවන රටක් බවට ලංකාව පත්ව ඇතැයි මහින්ද චින්තන වැඩ පිලිවෙල යටතේ තිරිඟු පිටි ආදේශිත සහල් පිටි නිපදවූ සහ වත්මන් අපනයන කෘෂිකාර්මික කර්මාන්තකරුවකු වන අරුණ කාන්ත බණ්ඩාර මහතා දැඩි විවේචනයක් එල්ල කරමින් ප්‍රකාශ කරයි.
පසුගිය වසරේ ඩොලර් මිලියන 1550 ක් අනුභව කර කොමොඩ් එකට යවා ඇතැයි පවසන ඔහු පාසැල් වසා සංචාරක කර්මාන්තයද නොමැති අවස්ථාවක මෙපමණ ආහාර ආනයනය කිරීමට තරම් අපි මෝඩ රටක් බවට පත්ව ඇතැයි ප්‍රකාශ කරයි.
ඩොලර් අර්බූදයක් ඇති මොහොතක කර්මාන්ත කරුවන්ට සීමා පනවා ආහාර ආනයනකරුවන්ට යහමින් වැඩ කරගෙන යාමට නම් ඉඩදීමට ආණ්ඩුවක් අවශ්‍ය නැතැයි ඔහු තවදුරටත් පවසයි.
වහාම මැදිහත්වන ලෙස ජනාධිපතිතුමාගෙන්, පී බී ජයසුන්දර මහතාගෙන්,බැසිල් රාජපක්ෂ මැතිතුමාගෙන් සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් තුමාගෙන් ඔහු ඉල්ලා සිටී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...