දේශීය පුවත්

ඊයේ(28) පැවැති මාධ්‍යය සාකච්ඡාවකට එක් වෙමින් පූජ්‍යය බෙංගමුවේ නාලක හිමියෝ ද්විත්ව පුරවැසිකම් දරමින් ආණ්ඩුවේ ඇමැතිකම් ගැනීමට බැසිල් රාජපක්ෂ මහතා සූදානම් වන්නේ ඇයිද යන්න බරපතළ ගැටලුවක් බව පවසා සිටියේයහ.

එහිදී උන්වහන්සේ පවසා සිටියේ මුල සිටම තමන් වහන්සේ ද්විත්ව පුරවැසි භාවයට විරුද්ධ වූ බවත්, ඒ අවස්ථාවේ ජනාධිපතිවරයා පවා කතා කොට තමන් වහන්සේට දොස් තැබූ බවත්ය.

ජනාධිපතිවරයා යටතේ රට නිවැරදි මගට එනු ඇතැයි තිබූ බලාපොරොත්තු මේ වනවිට බිද වැටෙමින් තිබෙන බව පවසන උන්වහන්සේ මේ රටට හතුරු වන ඕනෑම ක්‍රියාවක් කර ද්විත්ව පුරවැසියෙකුට තමන්ගේ රටට පලායාමට හැකියාව ඇති බවද අනාවරණය කළහ.

ඇමෙරිකාව අපේ රට සංවර්ධනය වනවාට අකමැතිම රාජ්‍යයක් බව පැවසූ උන් වහන්සේ අමෙරිකාවට අවශ්‍යය වන්නේ අපේ රටේ ආණ්ඩු චීනයට විරුද්ධව පවත්වා ගෙන යාම පමණක් බවද අවධාරණය කළහ. ඉන්දියාවට අවශ්‍යය වන්නේත් එයම බවද උන් වහන්සේ පැවසූහ.

ද්විතව පුරවැසි භාවය තබාගෙන රටේ පාලන තන්ත්‍රයට ඇතුල් වීමට ඉඩ හදා ගැනීමම වරදක් බව පැවසූ උන් වහන්සේ කවුරුන් හෝ දිවිත්ව පුරවැසි භාවය තබාගෙන පාර්ලිමේන්තුවට හෝ රාජ්‍යය පාලනයට එනවානම් එය වැරදි වැඩක් බවද පවසා සිටියේය.

වැරදි උපදේශකයන්ගෙන් උපදෙස් ගෙන ආණ්ඩුව අමාරුවේ වැටුනාට ප්‍රශ්නයක් නොමැති බව පවසන උන් ව්හන්සේ නමුත් රට අමාරුවේ දැමීම තමන් වහන්සේ ඇතුලු මහජනයාට ප්‍රශ්නයක් බවද පවසා සිටියෝය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More