ඊයේ (28) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසන්නේ හමුදා නිල ඇඳුම් හෝ හමුදාපතිවරු මේ රටෙන් ඉවත් කළ යුතු බවට කවුරුන් හෝ මතයක සිටිනවා නම් එවැනි පුද්ගලයෙකුට කිසිදාක රට පිළිබඳ හැඟීමක් නොමැති බව යි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සරත් ෆොන්සේකා මහතා පවසා සිටියේ, රනිල් වික්‍රමසිංහ මහතා තම මංගල පාර්ලිමේන්තු කතාවේදීම හමුදාපතිවරයාව සහ හමුදාව දරුණු ලෙස විවේචනය කරමිනුයි අවසන් කළේ යනුවෙනි. රනිල් මහතාට සැමදාම හමුදාව “ඇලජික්” බව පවසන ඒ මහතා යම් කිසිවෙක් හමුදාව ඉවත් කළ යුතු යැයි යන හැඟීමෙන් සිටිනවානම් ඔහුට කෙදිනකවත් රට ජාතිය පිළිබඳව කිසිදු හැඟීමක් නැති බව පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...