මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අද (28) අනාවරණය කර සිටියේ මෘතදේහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගේ හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ අනුමැතියකින් තොරව නිදහස් කිරීමේ බලය, හදිසි මරණ පරීක්ෂකවරයාට සහ ග්‍රාම නිලධාරිවරයාට හිමිකර දී ඇති බවයි.
එම සංගමය අවධාරණය කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ලද ලිපියක් මගින් ඒ බව දන්වා ඇති බවයි.
ඒ අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පෙන්වා දෙන්නේ අධිකරණ අමාත්‍යයවරයාගේ මෙම නිර්දේශ හේතුවෙන් කොවිඩ් ආසාදිතයෙක් නිවසේ මියගිය විට ගැටලු මතුවිය හැකි බවයි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නීතිඥවරයෙකු ලංකා ලීඩ් වෙබ් අඩවිය වෙත පවසා සිටියේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසන ආකාරයේ ක්‍රියාවක් අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයා කර ඇතිනම් කොවිඩ්19 වෛරසය ආසාදිතව මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු භූමදානය කිරීමට අවශ්‍යය නීතිමය වටපිටාව සැකසීමේ යටි අරමුණ එම නියෝගය තුළ ගැබ්ව ඇති බවයි. මෙය ඉතාම සූක්ෂමව කොවිඩ්19 වෛරසය පාලනය කිරීමට අවශ්‍යය නීති උල්ලංඝනය කිරීමක් බව ද එම නීතිඥවරයා පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...