දේශීය පුවත්

කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ධනුක පත්මරාජ මහතා පවසන්නේ කහතුඩුව ජයලියගම ප්‍රදේශයේ දී ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වු පුද්ගලයෙකු හඳුනාගත් බව යි.

එම පුද්ගලයා 47 හැවිරිදි අයෙකු වන අතර ඔහු කොළඹ, කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ ඉදිකිරිම් ආයතනයක සේවයේ නියුතු අයෙකු බවට හඳුනාගෙන ඇති බවද ධනුක පත්මරාජ පවසා සිටියෙය.

මෙවනවිට එම පුද්ගලයා පොළොන්නරුව කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමුකර ඇති බවද ඒ මහතා පවසා සිටී.

කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසන්නේ ආසාදිතයාගේ මව, බිරිඳ සහ පුත්‍රයා ද ඇතුළු ප්‍රදේශයේ පවුල් 50ක පමණ සාමාජිකයින් නිරෝධායනයට යොමුකර ඇති බවත් ජයලියගම පාර ප්‍රදේශයට සංචරණ සීමා පැනවීමටද පියවර ගෙන ඇති බවත්ය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ධනුක පත්මරාජ මහතා,

“කොවිඩ් -19 ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයෙක්ව හඳුනාගත්තා. එහිදී මොහු පෙදරේරුවෙක් බවත් ඔහු කොළඹ ප්‍රධාන ඉදිකිරීම් ආයතනය සේවය කරන බවත් තහවුරු වූවා. අපි දැනට සැක කරනවා ඔහුට එම ඉදිකිරීම් වැඩබිමේදී මෙම ඝනයේ වෛරස ප්‍රභේදය ශරීර ගතවෙන්න ඇති කියලා. ඒ වගේම රාත්‍රි කාලයේ සිදුකළ නිරීක්ෂණවලින් අපට තහවුරු කරගන්නට හැකි වුනා ඔහුගේ ප්‍රදේශවාසීන් පසුගිය කාලයේ ඔහු සමඟ සමීප සම්බන්ධතාවයක් නොමැති බව. ඒ වගේම වසංගත රෝග විද්‍යා ඒකකයෙන් උපදෙස් ලැබිලා තියෙනවා එම ප්‍රදේශයේ අහඹු පීසීආර් පරීක්ෂණ 100ක් පමණ සිදුකරන ලෙස . ඒ අනුව මෙම පරීක්ෂණ අවසන් වන තෙක් මෙම පුද්ගලයින්ගෙන් වෛරසය පිටතට බැහැරව නොයන ලෙස පවත්වා ගැනීමට කටයුතු කර තිබෙනවා.” යැයි පැවසුවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More