දේශීය පුවත්

බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර තිබෙන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

පසුගිය මාර්තු 09 වනදා ආන්දෝලනයකට තුඩු දුන් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා මතභේදයට තුඩුදුන් ප්‍රකාශ සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙම අධි චෝදනා ගොනු කිරීම සිදු කරණ බවද නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට වැඩිදුරටත් කරුණු වාර්තා කරණ බවද දන්වා සිටී.

අද (28) ‍ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේදී, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින තමන් මුදාහරින ලෙස ඉල්ලමින් අසාත් සාලි මහතා විසින් ඉදිරිපත්කළ මූලික අයිතිවාසිකම් පෙත්සම කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පිරිස් මහතා අදාළ දැනුම් දීම කළ බවද වාර්තාවේ.

ප්‍රියන්ත ජයවර්ධන, යසන්ත කෝදාගොඩ සහ ඒ. එච්. එම්. ඩී. නවාස් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේදී මෙම පෙත්සම අද(28) දින කැඳවනු ලැබූ අවස්ථාවේදී නියෝජ්‍යය සොලිස්ටර්වරයා මේ බව අනාවරණය කළ බවද වාර්තාවේ.

ජූලි මස 29 වනදා පෙත්සම සලකාබැලීම සඳහා කැඳවීමට නියම කළ බවද වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More