දේශීය පුවත්

ප්‍රජා පොලිස් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසා සිටින්නේ පොලිස් නිලධාරීන්ගේ විනය විරෝධී ක්‍රියා සොයා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පොලිසියේ වෙනම විමර්ශන ඒකකයක් පිහිටුවීමට බලාපොරොත්තු වන බවයි.

මිලිටරි පොලිසිය යනුවෙන් හැඳින්වෙන වෙනම අංශයක් යුද හමුදාව තුළ ක්‍රියාත්මක වන බවත් එම අංශය යුද හමුදාවේ නිලධාරින්ගේ විනය විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් විමර්ශන පවත්වා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ක්‍රියාත්මක වන බවත් පොලීසියේද එවැනිම ඒකකයක් පිහිටුවීම තමාගේ බලාපොරොත්තුව බවත් රාජ්‍ය ඇමතිවරයා පවසා සිටී.

මේ වන විට මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයිද දිලුම් අමුණුගම මහතා පවසා සිටී.

පොලිසියේ දූෂණ අක්‍රමිකතා සහ වෙනත් විෂමාචාර වැළැක්වීම සඳහා මෙවැනි අංශයක අවශ්‍යතාව තදින්ම දැනී ඇති බව පවසන දිලුම් අමුණුගම මහතා සම්බන්ධයෙන් මේ දිනවල කරුණු සොයා බැලීමක් කරගෙන යන බවත් අවධාරණය කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More