ගැබිනි මව්වරුන් 230 දෙනකු පමණ කොවිඞ් ආසාදිතව සිටින බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත‍්‍රමාලි ද සිල්වා මහත්මිය ‘‘දිවයින’’ට ඊයේ (27 වැනිදා) පැවසුවාය.
දැනටමත් ගැබිනි මව්වරුන් 50 දෙනකු මාලඹේ නෙවිල් ප‍්‍රනාන්දු රෝහලේ ප‍්‍රතිකාර ලබන බවද ඇය සඳහන් කළාය.
තවදුරටත් කතා කළ විශේෂඥ වෛද්‍ය චිත‍්‍රමාලි ද සිල්වා මහත්මිය මෙසේ ද කියා සිටියාය.
උණ, ශ්වසන ආබාධ තියෙනවා නම් ළ`ගම ඇති රෝහලකට යන්න කියලා ගැබිනි මව්වරුන්ගෙන් ඉල්ලා සිටිනවා. තමන්ට යම්කිසි ගැටලූවක් තියෙනවා නම් තමන්ගේ ප‍්‍රදේශයේ ඉන්න පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියට දැනුම් දෙන්න.
මේ දිනවල අත්‍යවශ්‍ය කාරණාවකට හැරෙන්නට නිකරුනේ නිවසින් බැහැරව යන්න එපා. සෙන`ග ගැවසෙන තැන්වල රැඳෙන්න එපා. නිවසේ කොවිඞ් ආසාදිත කෙනෙක් ඉන්නවා නම් ඔහුට නිරාවරණය වෙන්න ඉන්න එපා. පුළුවන් තරම් යහපත් මනසකින් යුතුව ඉන්න කියලා ගැබිනි මව්වරුන්ගෙන් ඉල්ලා සිටිනවා.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...