රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ රෝහල් තුළ ස්ථාපිත එන්නත්කරණ මධ්‍යස්ථාන හරහා කොවිඩ් 19 වෛරස එන්නත ලබාදීම අද (28) දිනයේ සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබුණ ද අදාළ ඇනවුම් නිසි පරිදි නොලැබීම නිසා එම එන්නත්කරණ වැඩපිළිවෙල ආරම්භ කිරීමට හැකියාවක් නැති බව යි.
එම එන්නත්කරණ කටයුතු වයස අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ඉලක්ක කර සිදු කිරීමට නියමිතව තිබුණි.
එම සංගමයේ විධායක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා ඊයේ (27) මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් මේ බව අනාවරණය කරනු ලැබීය.
එහිදී වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා වැඩිදුරටත් පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිවැරදි දත්ත නොලැබීමෙන් මෙවැනි තත්ත්වයක් මතු වූ බවත් අදාළ එන්නත් තොග ලැබුණු සැණින් එම කටයුතු රෝහල් හරහා ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත්ය.
ඒ අනුව දැනට එන්නත් ලබාදීම සිදුවන්නේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හරහා ය.
වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා, රෝහල් තුළ පීසිආර් පරීක්ෂණ කිරීමට සිදුව ඇත්තේ වෛද්‍යවරුන්ට බවත් ඔවුන්ගේ රාජකාරියෙන් පරිබාහිරව තවත් කාර්යයක් ලෙස එය කිරීමට සිදුව ඇති බවත් අනාවරණය කළේය.
අවශ්‍ය දීමනා නොලැබීම හේතුවෙන් හෙද හෙදියන් එම පරීක්ෂණ කිරීමෙන් ඉවත් වී සිටින අතර ඒ හේතුවෙන් පීසිආර් පරීක්ෂණවල අඩුවක් පවතින බවද වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා අනාවරණය කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...