ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ ,හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉතා ඉක්මනින්ම පාර්ලිමේන්තුවට පැමිණිය යුතු බවට ඔහුගෙන් ඉල්ලීමක් කිරීමට ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරු අද රැස්වී තීරණය කළහ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ දෙහිවල පිහිටි නිවසේදී මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පැවති අතර, ඊට ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරු 36 දෙනෙක් සහභාගි වූහ .
රට දේශපාලන වශයෙන් තීරණාත්මක තැනක තිබෙන මේ මොහොතේ, බැසිල් රාජපක්ෂ මහතා අනිවාර්යෙන්ම පාර්ලිමේන්තුවට පැමිණිය යුතුය යන්න රටේම මතය වී ඇතැයි ද එම මන්ත්‍රීවරු කියා සිටියහ .
ගීතා කුමාරසිංහ මහත්මියද ,නිපුන රණවක,එස් ඒ ඩී ජගත් කුමාර ,ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ,ඉසුරු දොඩන්ගොඩ මිලාන් ජයතිලක,ගුණතිලක රාජපක්ෂ,උදේනි කිරිඳිගොඩ,සම්පත් අතුකෝරල, සංජීව එදිරිමාන්න යන මහත්වරුන් ඇතුළු මන්ත්‍රීවරු 36 දෙනෙක්වූ ඊට සහභාගි වූහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...