දේශීය පුවත්

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් වැඩිම මුදලක් ආයෝජනය කරමින් ක්‍රියාත්මක වන ව්‍යාපෘතිය වන්නේ ඉහිකිරීමට නියමිත නව ඛනිජ තෙල් පිරිපහදුවයි. එහි සම්පූර්ණ ආයෝජනය ඇමරිකන් ඩොලර් බිලියන තුනක් හෙවත් රුපියල් කෝටි 60000 කි.

ඉදිකිරීමට යෝජිත නව පිරිපහදුව BOT පදනම යටතේ (වෙනත් පාර්ශ්වයක් විසින් ඉදිකොට පවත්වාගෙන ගොස් රජයට පැවරීම) ක‍්‍රියාත්මක කෙරෙනු ඇති බවට වාර්තා වලින් කියවේ. එසේම නව පිරිපහදුව ක‍්‍රියාත්මක වීමෙන් පසු ශ‍්‍රී ලංකාවට වාර්ෂිකව ඩොලර් මිලියන 300 ක් ඉතිරි වනු ඇති බවද ආර්ථික විශ්ලේශකයෝ පවසති.

දැනට ශ‍්‍රී ලංකාවේ සාර්ථක ලෙස ක‍්‍රියාත්මක වන්නේ 1969 දී ක‍්‍රියාත්මක කරන ලද තෙල් පිරිපහදුව පමණි. ශ්‍රී ලංකා රජය නව පිරිපහදුවක් ඉදිකිරීම සඳහා 1983 දී සිට උත්සාහ කළද එය සාර්ථක නොවිනි. දැනට ශ්‍රී ලංකාව සතුව පවතින තෙල් පිරිපහදුව දිනකට අමු තෙල් බැරල් 38,000 ක් පමණක් පිරිපහදු කරනු ලබයි.

මේ අතර ලංකා ලීඩ් වෙත වාර්තා වෙන්නේ ශ‍්‍රී ලංකාවේ ඉදිකිරීමට නියමිත ඩොලර් බිලියන තුනක් වටිනා තෙල් පිරිපහදුවේ ටෙන්ඩරය ඇමරිකානු ඉදිකිරීම් ආයතන වෙත ලබාදෙන ලෙස බලපෑම් කිරීම සඳහා ඇමරිකන් තානාපතිවරිය පසුගියදා බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා හමුවී ඇති බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More