දේශීය පුවත්

කැළණිය විශ්ව විද්‍යාලයට අනුබද්ධිත පාලි හා බෞද්ධ පශ්චාත් උපාධි ආයාතනයේ අධ්‍යයක්ෂක දූරය හොබවන මහාචාර්ය පූජ්‍යය මැදවච්චියේ ධර්ම ජෝති හිමිපාණන් වහන්සේ විසින් පසුගිය වෙසක් පොහෝ දිනයේ කාල්ටන් නිවසෙහි පැවැත්වූ ධර්ම දේශනාවෙන් පසුව අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතාගෙන් එම ආයාතනය විශ්ව විද්‍යාලයක් බවට පත් කරණ ලෙස ඉල්ලා ඇති බව පාලි හා බෞද්ධ පශ්චාත් උපාධි ආයාතනයට සම්බන්ධ ආරංචි මාර්ග අප වෙත වාර්තා කර සිටී. කෙසේ වුවද අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතාට සම්බන්ධ ආරංචි මාගර්‍ පවසා සිටින්නේ  එතුමා විසින් පාලි හා බෞද්ධ පශ්චාත් උපාධි ආයාතනය විශ්ව විද්‍යාලයක් කිරීමට ශක්‍යයතාවය අධ්‍යයනය කිරීමට මැදිහත් වන ලෙස දැනටමත් නිලධාරින් වෙත දන්වා ඇති බවයි.

මෙම පුවත සම්බන්ධයෙන්  ලංකා ලීඩ් වෙබ් අඩවිය වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ වත්මන් භික්ෂූ අධ්‍යාපනය සම්බන්ධ පර්යේෂණ කටයුතු වල යෙදෙන බෞද්ධ හිමිවරුන් පිරිසක් පවසා සිටියේ, ශ්‍රී ලංකාව තුළ භික්ෂූන් වහන්සේලාගේ උසස් අධ්‍යාපනය සම්බන්ධ වෙන් කෙරුණු විශ්ව විද්‍යාල දෙකක් අනුරාධපුරයේ සහ හෝමාගම පිහිටා ඇති තත්වයක් තුළ තවත් විශ්ව විද්‍යාලයක් භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් වෙන් කිරීමෙන් කිසිදු පලක් නොවන බවයි.

උන් වහන්සේලා වැඩිදුරටත් පවසා සිටියේ,දැන් ඇත්තේ භික්ෂූන් වහන්සේලාගේ උසස් අධ්‍යාපන ආයාතන ප්‍රමාණයෙන් වැඩි කිරීම නොව දැනට තිබෙන භික්ෂු අධ්‍යාපනය ගුණයෙන් වැඩි කිරීම බවයි. පිරිවෙන් අධ්‍යාපනය විනාශ මුඛයට ගෙන යාමට අවශ්‍යය කරණ ක්‍රම වේදයන් වත්මන් පිරිවෙන් විෂය මාලාවට ඇතුලත්ව තිබියදී පුහුදුන් භික්ෂූන් වහන්සේලාගේ “උප කුලපති සිහින” සැබෑ කිරීමට මේ රටේ අහිංසක ජනයාගේ බදු මුදල් භාවිතා නොකළ යුතු බවට දේශපාලන බල අධිකාරියත් නිලධාරි පැලැන්තියත් අවබෝධ කර ගත යුතු බව උන් වහන්සේලා දැඩිව අවධාරණය කළහ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයේ ගිහි ආචාර්යවරුන් පිරිසක් පවසා සිටියේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් නව විශ්ව විද්‍යාලයක් බිහි කිරීම කිසිදු අවශ්‍යතාවයක් නැති බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More