ඉදිරි දෙවසර සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරී මණ්‌ඩලය පත් කිරීමේ නිලවරණය අද (31දා) දහවල් 12.00 ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවැත්වීමට නියමිතව තිබුණද, අධිකරණය විසින් ලබාදුන් අතුරු තහනම් නියෝගය මත එය දින නියමයකින් තොරව කල් දැමීමට සිදුව තිබේ.
ඒ අනුව ලබන 14 වැනිදා නැවතත් අදාළ නඩුව විභාගයට ගැනීමට නියමිතව තිබෙන අතර එදිනට ප්‍රධාන දෙපාර්ශ්වයටම පෙනී සිටින ලෙස අධිකරණය මගින් නියෝග කර තිබේ.
අතුරු කමිටු තීන්දුව ජනපති සාකච්ඡාවෙන් පසු
ඊයේ ක්‍රීඩා අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්‌වූ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්‌තාපා මහතා මෙසේ කීය. මම අධිකරණ තීන්දුව තවම දැක්‌කේ නැහැ. අධිකරණය දෙන ඕනෑම තීන්දුවකට හිස නමනවා. ජනපතිතුමා මට ලොකු වගකීමක් පවරලා තියෙනවා. ඒ නිසා ජනපතිතුමන් සමඟ සාකච්ඡා කරලා රටට හොඳ තීන්දුවක් ගන්නවා. දැනට තියෙන තත්ත්වය අනුව අතුරු කමිටුවක් පත්කරන්න පුළුවන් දින දාහතරකට හෝ කෙටි කාලයකට පමණයි. අධිකරණය ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට ලබාදෙන දිනය වනතෙක් පමණක් අතුරු කමිටුවක් පත්කරන්න පුළුවන්. අතුරු කමිටුව ගැන මම ජනපතිතුමා එක්‌ක සාකච්ඡා කරනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට වාරණ නියෝගයක් ගෙන ඒමට නිශාන්ත රණතුංග මහතා අධිකරණයට ඉදිරිපත් කර තිබූ පැමිණිල්ල සලකා බැලීමෙන් අනතුරුව මෙලෙස අතුරු තහනම් නියෝගය පනවන ලදී.
මෙවර ක්‍රිකට් නිලවරණයට ඡන්ද 147 ක් තිබුණද, වාර්තා වන පරිදි ඡන්ද 144 ක් පමණක් වලංගුව ඇති බවට ‘දිවයින’ ට අනාවරණය විය. ගාලු දිස්‌ත්‍රික්‌කයට අයත් ඡන්ද තුනක් සම්බන්ධයෙන් පවතින ගැටලුවක් හේතුවෙන් එය 144 ක් දක්‌වා අඩු වී තිබිණි.
මෙවර නිලවරණයේදී ප්‍රධාන තනතුරු ලෙස සභාපති, උප සභාපති ධූර දෙකක්, ලේකම් ධුරයක්, උප ලේකම් ධුර දෙකක්, භාණ්‌ඩාගාරික ධුරයක්, උප භාණ්‌ඩාගාරික ධුරයක් ආදි වශයෙන් ප්‍රධාන තනතුරු වෙන්වී තිබිණි.
මීට අමතරව විනිසුරු කමිටුවට ජාත්‍යන්තර තරග සංවිධායක කමිටුවට ඇතුළුව විධායක කමිටු සාමාජිකයින් පත් කිරීමටද ඡන්ද විමසීමක් සිදුවේ.
මෙවර නිලවරණයේ සභාපති ධුරයට තරග වදින ප්‍රබලම අපේක්‌ෂකයා වන තිලංග සුමතිපාල මහතාගේ ප්‍රධාන ප්‍රතිවාදියා බවට නිශාන්ත රණතුංග මහතා පත්ව තිබිණි. මීට අමතරව මොහාන් ද සිල්වා සහ කේ. මතිවානන් උප සභාපති ධුර සඳහා තරග වැදීමට නාමයෝජනා භාර දී තිබුණි. භාණ්‌ඩාගාරික ධුරය සඳහා ශම්මි සිල්වා මහතා තරග වදින අතර ඔහු සභාපති ධුරයටද නාම යෝජනා භාර දී තිබුණේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...