දේශීය පුවත්

රූපලාවන්‍යය කර්මාන්තය ආදී සමහර කර්මාන්ත වලට පිරිසිදු සාන්ද්‍ර යූරියා අවශ්‍යයතාවයක් පවතින බැවින් එම තත්වය යොදාගෙන රට තුළට සාන්ද්‍ර යූරියා විශාල තොග ආනයනය කිරීමට බලපත්‍ර ලබාදීම සඳහා රාජ්‍යය නිලධාරින් දෙදෙනෙකු විසින් ජාවාරමක් ආරම්භ කර ඇති බව වාර්තාවේ.ඔවුන් කි ග්‍රෑම් 10ක් අවශ්‍යය ස්ථානයට කි ග්‍රෑම් 1000ක් හෙවත් මෙට්‍රික් ටොන් 1ක් සඳහා බලපත්‍ර ලබා දීමට ක්‍රියා කරණ බවද වාර්තා වේ.එසේ ආනයනය කරණ පිරිසිදු සාන්ද්‍ර යූරියා යොදා ගනිමින් එම ප්‍රමාණය මෙන් 100 ගුණයකින් දියර පොහොර වර්ග නිපදවිය හැකි බවද විද්වතුන් අදහස් පළ කොට ඇත.ඒ අනුව රසායනික පොහොර තහනම් කිරීමෙන් පසුව වෙනත් ආකාරයකට රසායනික පොහොර ආනයනය කර ඒවා දියකර දියර පොහොර හැදීමේ ජාවාරම දැන් ආරම්භ වී ඇති බව වාර්තාවේ. මෙම ජාවාරම පිටුපස කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු සහ ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකුද සිටින බවට සාක්ෂි ඉදිරිපත් වී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More