දේශීය පුවත්

රාජ්‍යය අමාත්‍යය චන්න ජයසුමන මහතා සිය “ෆේස් බුක්” ගිනුමේ සටහනක් තබමින් පවසා සිටින්නේ තමාට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් කළ අසේල සම්පත් නැමැත්තා අත් අඩංගුවට ගෙන ඇති බවත් එය තමාගේ පැමිණිල්ල නිසාම අත් අඩංගුවට ගෙන ඇතිදැයි නොදන්නා නොදන්නා නමුත් ඒ වෙනුවෙන් විපක්ෂ නායකවරයා පෙනී සිටින බවත් පවසයි. සම්පූර්ණ සටහන පහතින්…

මීට දින කිහිපයකට පෙර ආපන ශාලා හිමිකරුවන්ගේ සංගමය නම් සංවිධානයක හිටපු සභාපති නමින් පෙනී සිටින අසේල සම්පත් නම් පුද්ගලයකු COVID 19 එන්නත්කරන වැඩපිළිවෙල කඩාකප්පල් වන ආකාරයේ ප්‍රකාශ සිදු කරමින් මාධ්‍ය සාකච්ජාවක් පැවැත්වීය. එහිදී ඔහු පැවසුවේ මා ඇතුල් කෝට්ටේ ප්‍රදේශයෙන් රු මිලියන 200 වටිනා නිවසක් මෑතක දී මිලදී ගෙන ඇති බවත් ඔහු එම නිවස ඉදිරිපිටට ගොස් සජීව සමාජ මාධ්‍ය වැඩසටහනක් පවත්වන බවත්ය. මෙය ද්වේශසහගත,ගොතන ලද, අමූලික බොරුවක් වන හෙයින් මම ඊට එරෙහිව නීති පියවර ගතිමි. මේ ගැන පොලිස්පතිතුමාට සහ අපරාධ පරෙක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළෙමි. ඊයේ දින අසේල සම්පත් නැමැත්තා අපරාධ පරෙක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇති බව මාධ්‍ය වාර්තා කර ඇත. ඒ මාගේ පැමිණිල්ල නිසාදැයි මම තවම නොදනිමි.
කෙසේ නමුත් ඔහු අත්අඩංගුවට ගෙන වැඩිවේලා යාමට පෙර විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ට්විටර් පණිවිඩයක් සහ facebook සටහනක් තබමින් පවසා ඇත්තේ
“අසේල සම්පත් ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර සුරක්ෂිත කිරීමට අප කැපවෙන අතර ඔහු වෙනුවෙන් සමගි ජන බලවේගය නොමිලේම නීතිමය සහය ලබා දෙන්නෙමු. සියළුම ශ්‍රී ලාංකේය පුරවැසියන්ට ඔවුන්ගේ හෘදය සාක්ෂියට අනුව කථා කිරීමේ අයිතිය ද සෑම කෙනෙකුටම ඔවුන්ගේ නිදහස භුක්ති විඳීමේ අයිතිය ද සුරක්ෂිත විය යුතු අතර ඒ වෙනුවෙන් අපි තිරසරව පෙනී සිටිමු”. යනුවෙනි.
සජිත් ප්‍රේමදාස මැතිතුමාට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය පතමි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More