පසුගිය 24 වනදා ඇමරිකාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි බැසිල් රාජපක්ෂ මහතා එළඹෙන ජූලි 6 වෙනිදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දෙනු ඇති බවට ඔහුගේ සමීපතයන් පවසා සිටි නමුත් බැසිල් රාජපක්ෂ මහතාට එදිනට පාර්ලිමේන්තුවේ දිවුරුම්දිය නොහැකි තත්වයක් පැමිණ ඇති බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා පවසා සිටියේ විදේශයේ සිට පැමිණි නිසා ඔහු පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කිරෝධායනයට ලක්ව සිටින බවයි.
ඒ අනුව ජූලි 6 වෙනි දිනයද ඔහුගේ නිරෝධායන කාල සීමාවට ඇතුලත් වන බැවින් නිරෝධායනය අවසන් වූ පසු ඔහුගේ පාර්ලිමේන්තු සම්ප්‍රාප්තිය සිදුවනු ඇති බව පැවසේ.
මේ අතර තවත් ආරංචි මාර්ග වලින් පැවසෙන්නේ බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු පැමිණෙන්නේ මුදල් අමාත්‍යය දූරය ලබා ගැනීමේ බලාපොරොත්තු ඇතිව බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...