දේශීය පුවත්

මනුෂ්‍යයන්ට සම්ප්‍රේෂණය වන ඇල්ෆා හා බීටා යන කොරෝනා වයිරස් ප්‍රභේද දෙක සහිත වවුල් විශේෂ දෙකක් ශ්‍රී ලංකාවෙන් සොයා ගැනීමට කොළඹ විශ්වවිද්‍යාලය සහ ජර්මනියේ රොබට් කොක් ඉන්ස්ටිටියුට් (Robert kock institute) ඒකාබද්ධව සිදු කළ පර්‌යේෂණයකදී හැකි වී ඇත.

මෙම අනාවරණයට අදාළ පර්‌යේෂණ වාර්තාව මෙම පර්යේෂක කණ්ඩායම විසින් අන්තර්ජාතික වැක්සීන් (vaccine) සඟරාවේ පළකිරීමටද කටයුතු කර තිබේ.

2017 වර්ෂයේ දී Identification of Emerging Eqents යන තේමාව යටතේ ආරම්භ කරන ලද ශ්‍රී ලාංකික වවුල් විශේෂ තුළ පවතින මිනිසාට සම්ප්‍රේෂණය විය හැකි වයිරස පිළිබඳ මෙම පර්යේෂණය කොස්ලන්ද ප්‍රදේශයේ පිහිටි ‘වවුල් ගල්ගේ’ නමැති ගල්ගුහා පදනම් කරගෙන සිදු කළ බව මෙම පර්‌යේෂණ කණ්ඩායමේ සාමාජිකාවක වන කොළඹ විශ්වවිද්‍යාලයේ සහ ජර්මනියේ රොබට් කොක් ආයතනයේ ආචාර්ය උපාධි අපේක්ෂිකා තේජානී පෙරේරා ‘අරුණ’ සමග පැවසීය.

මෙම පර්‌යේෂණයේ දී වවුලන් 395කින් සාම්පල රැස්කර ඇති අතර එම සතුන්ගේ සාම්පල සහ ගුදමාර්ගය ආශ්‍රිතව කරන ලද පී.සී.ආර්. (PCR) පරීක්ෂණ මගින් මෙම වයිරසය සහිත සාම්පල 33ක් සොයා ගැනීමට පර්‌යේෂකයන්ට හැකියාව ලැබී ඇත.
මෙලෙස අනාවරණය කරගෙන ඇති ඇල්ෆා සහ බීටා යන කොරෝනා වයිරස ප්‍රභේද වර්තමානයේ රටවල් ගණනාවක ව්‍යාප්තව ඇති බ්‍රිතාන්‍ය (ඇල්ෆා) හෝ දකුණු අප්‍රිකානු (බීටා) යන උප ප්‍රභේද නොවන අතර කොරෝනා වයිරසයේ මූලික ප්‍රභේද 04න් (ඇල්ෆා, බීටා, ගැමා සහ ඩෙල්ටා) 02ක් වේ. ඇල්ෆා සහ බීටා යන ප්‍රභේද වවුලන්ගේ සහ මනුෂ්‍යයන්ගේ ශරීරවල හමුවන අතර මෙම මූලික ප්‍රභේද වවුලන් හරහා මනුෂ්‍යන්ට සම්ප්‍රේෂණය වී කොවිඩ් 19 වයිරස දක්වා වර්ධනය වන්නට ඇතැයි යන්න මෙතෙක් තහවුරු කර නොමැත. එහෙත් එය ජනප්‍රිය මතවාදයකි. කෙසේ වෙතත් මෙම අනාවරණයන් පදනම් කරගෙන අහිංසක සත්ත්ව කණ්ඩායමක් වන වවුලන්ට අනතුරු සිදු කිරීමට පෙලඹීමෙන් වළකින ලෙස පර්‌යේෂිකා තේජානි පෙරේරා ඉල්ලා සිටී.

වවුලන් කියන්නේ අපේ පරිසරයට අත්‍යවශ්‍ය සත්ත්ව කොට්ඨාසයක්. මේ සතුන් පළිබෝධ පාලකයන්, පරාග සහ බීජ වාහකයන් විදිහට පරිසරයට තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනවා. වනාන්තරවල දැනට පවතින වවුලන්ගේ ස්වාභාවික වාසස්ථාන ආරක්ෂා කරගැනීම සහ ඒවා ආක්‍රමණය නොකර සිටීම මනුෂ්‍යයාගේ වගකීමක්’’ යැයි ඇය අවධාරණය කළාය.
aruna



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More