දේශීය පුවත්

මහර සහ වැලිකඩ බන්ධනාගාරවල රැඳවියන් පිරිසක් ආරම්භ කර ඇති ආහාර වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක වෙයි.

තමන්ගේ දඬුවම් ද ලිහිල් කරන ලෙස ඉල්ලමින් මහර බන්ධනාගාරයේ සිටින මරණ දඬුවම නියම වූ රැඳවූවෝ හැත්තෑ හතර දෙනෙක් දිවා ආහාරය වර්ජනය කරමින් එම බන්ධනාගාරයේ ඊයේ (24 වැනිදා) විරෝධතාවක නිරත වූහ.

ඔවුන් ඉල්ලා සිටියේ තමන් අවුරුදු විසි ගණනක් තිස්සේ සිර දඬුවම් විඳින හෙයින් මරණ දඬුවම ජීවිතාන්තය දක්වා වූ දඬුවමක් ලෙස ලිහිල් කරන ලෙසය.

මරණ දඬුවම හිමි වූ දිනයේ පටන් එය ජීවිතාන්ත සිරදඬුවමක් සේ සලකා තමන්ටද දඬුවම ලිහිල් කරන්නැයි ඔවුන් ඉල්ලීම් කර තිබේ.

මරණ දඬුවම නියමවූ 235 දෙනකුට එය ජීවිතාන්ත සිර දඬුවමක් බවට පත් කිරීමට නිර්දේශ අධිකරණ අමාත්‍යාංශය මගින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යොමු කර තිබිණි.

මේ අතර වැලිකඩ බන්ධනාගාරයේ රැඳවූවන් 20 දෙනකු පමණ එහි චැපල් වාට්ටුවේ වහලය මත නැගී විරෝධතාවක නිරත වන බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

එමෙන්ම වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවූවන් 50 දෙනකු පමණ ඊයේ (24 වැනිදා) දහවල් සිට කෑම වර්ජනයකද නිරත වන බවද බන්ධනාගාර ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More