එළඹෙන ජූලි මස මුල් සතියේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමට සූදානමක් ඇති බව පොදු ජන එක්සත් පෙරමුණට හිතවාදී අන්තර්ජාල පුවත් වෙබ් අඩවි කිහිපයක් සහ එම පෙරමුණට හිතවත් සමජ මාධ්‍යය ජාලා කිහිපයක් වාර්තා කර ඇති බව නිරීක්ෂණය විය.
මේ සම්බන්ධයෙන් පොදු ජන එක්සත් පෙරමුණෙහි බැසිල් රාජපක්ෂ මහතාට හිතවාදී ක්‍රියාකාරිකයෙකු ලංකා ලීඩ් වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ ” බැසිල් මහතාගේ දේශපාලනය පසුගිය කාලය පුරාම සිදු වූයේ පාර්ලිමේන්තුවෙන් පිටතදීයි. එහි තේරුම බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ දේශපාලන දිවිය සැමදාටම පාර්ලිමේන්තුවෙන් පිටතටම සීමා වෙනවා කියන එක නොවෙයි. සෑම දෙයටම නිෂ්චිත කාලයක් තිබෙනවා. එම නිෂ්චිත කාලය ඉදිරියේදී උදාවෙනවා. මේ රටේ ප්‍රගතිශිලී ජනතාව එතුමාට පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස ඉල්ලා සිටින දවසක් නුදුරේදීම උදා වෙනවා. තෙල් මිළ වැඩිකරන අවස්ථාවේදී එතුමා රජයේ තීරණාත්මක ඇමති තනතුරක් නොදැරීමේ විපාක රටක් ලෙස භුක්ති විඳිනවා. පක්ෂයක් ලෙස අපවාද විඳිනවා. පොදු ජන එක්සත් පෙරමුණ කල්ලි කණ්ඩායම් වලට අනුව නැටවෙන පක්ෂයක් නොවන ලෙස මහ පොලොවේ සිටුවීමට එතුමාගේ දුර දක්නා නුවන සහ ආර්ථිකය පිළිබඳ එතුමාගේ හසල දැනුම වැදගත් වෙනවා. ඒ විතරක් නොවේ මේ රටේ ප්‍රගතිශීලී ජනතාව රාජපක්ෂවරුන්ට දක්වන ආදරය සහ ඔවුන් කෙරෙහි දක්වන විශ්වාසය ඉදිරියටත් තබා ගත හැකි දැනට ක්‍රියාකාරී රාජපක්ෂවරුන් අතර එතුමා පෙරමුණෙහි සිටිනවා. ඒ අනුව එතුමා පාර්ලිමේන්තු ඒවි, රට මුහුණ දී තිබෙන අර්බූදයෙන් ගැලවාගැනීමට අවශ්‍යය ප්‍රභල ඇමති තනතුරුත් ගනීවි. හැබැයි ඒවා සියල්ල සිදුවන්නේ නිෂ්චිත මොහොතක. ” යනුවෙන් පැවසුවේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...