දේශීය පුවත්

බැසිල් රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත ප්‍රාදේශීය දේශපාලන නායකයන්ට කොළඹ ව්‍යාපාර කළමනාකරණ පාසල මඟින් හඳුන්වා දී ඇති ප්‍රජා නායකත්ව සහ සමාජ සංවර්ධනය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාවට පොදු ජන පෙරමුණේ කොළඹ නාගරික මන්ත්‍රීවරුන්ගේ විරෝධය එල්ල වී ඇත.

මෙතෙක් කාලයක් බිම් මට්ටමේ දේශපාලනය කළේ පාඨමාලා හදාරමින්දැයි මන්ත්‍රීවරු නොසතුටින් අදහස් දක්වමින් තිබේ. එපමණක් නොව එම පාඨමාලාවට රු. 72,000ක් ලෙසද දක්වා තිබේ. වාරික 12කින් එම මුදල ගෙවිය හැකි අතර අවශ්‍ය නම් රාජ්‍ය බැංකුවකින් ණය ක්‍රමයක් හරහා එම මුදල ලබා ගැනීමට සහය දිය හැකි බවද ඒ පිළිබඳ දැනුවත් කිරීම සඳහා කොළඹ ව්‍යාපාර කළමනාකරණ පාසල මඟින් යොමු කර ඇති ලිපියේ සඳහන් වෙයි.

සාම්ප්‍රදායික විභාග ක්‍රමවලින් බැහැරව වැඩිහිටි අධ්‍යාපන ඇගයුම් ක්‍රමවේදයන් හා ප්‍රයෝගික ක්‍රියාකාරකම් ඇසුරින් එම පාඨමාලාව සැලසුම් කර ඇති බව දක්වන කොළඹ ව්‍යාපරික පාසල සඳහන් කරන්නේ එම පාඨමාලාව සාර්ථකව නිමා කරන උපාධියක් දක්වාම අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව හිමි වන බවයි.

මෙම ලිපිය දැකීමෙන් අනතුරුව පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රීවරු ප්‍රකාශ කර ඇත්තේ ගමේ ඡන්ද එකතු කිරීමට ඩිප්ලෝම හෝ උපාධි අවශ්‍ය නොවන බවයි. ඉදිරි මැතිවරණ ගැන නොසිතා පාඨමාලා කිරීමට තරම් කාලයක් නොමැති බවට මන්ත්‍රීවරු ප්‍රකාශ කරමින් තිබේ.

ජාතික නායකයින් ගොඩනැගීම පාඨමාලාවලට කළ නොහැක්කක් වන අතර ඊට පක්ෂයේ ප්‍රතිපත්තියක් තිබිය යුතු අතර හා සුදුසු පුද්ගලයන්ට අවස්ථාව දීමට පක්ෂ නායකයන් ක්‍රියා කළ යුතු බවයි මන්ත්‍රීවරු අවධාරණය කරන්නේ.

Lanka news web



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More