හිටපු ආර්ථික කටයුතු අමාත්‍ය සහ වර්තමානයේ කාර්ය සාධක බලකා දෙකක නායකත්වය දරන බැසිල් රාජපක්ෂ මහතා ඇමරිකාවේ සිට අද (24) දින ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව කටුනායකදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා සඳහන් කළේ බැසිල් රාජපක්ෂ මහතා නැවතත් වැඩ ආරම්භ කළ සැනින් ජනතාවට සහන ලබා දීමට කටයුතු කරන බව ය.
එම සහන අතරේ තෙල් මිල අඩු කිරීමට ද තිබෙන බව ඔහු විසින් ඉඟි කළ බවද වාර්තා වේ.
කෙසේ නමුත් පසුගිය සදුදා අමාත්‍ය මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත් කරමින් බදු අඩු කිරීම හරහා තෙල් මිල අඩු කිරීම සඳහා අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් යොමු කළ යෝජනාව කල් තැබීම සහ අදාළ සංදේශය වාර්තාගත නොකර ඉවත් කිරීම තීරණය කළ බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ උදය ගම්මන්පිල අමාත්‍යවරයාගේ යෝජනාව සැළකිල්ලට ගනු නොලබන්නේ එම යෝජනාව බැසිල් රාජපක්ෂ මහතාගේ යෝජනාවක් ලෙස ඉදිරිපත් කිරීම සඳහා බවටද මතයක් පැතිර ඇත.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...