කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් ආයතන 03 ක් වන වී අලෙවි මණ්ඩලය, ආහාර ප්‍රවර්ධන මණ්ඩලය සහ හදබිම අධිකාරිය යන ආයතනවලට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් නව සභාපතිවරුන් තිදෙනෙකු පත්කර ඇත.
ඒ අනුව වී අලෙවි මණ්ඩලයේ නව සභාපතිවරයා වශයෙන් නීතීඥ උපාලි මොහොට්ටි මහතා පත්කර තිබෙන අතර, ඒ මහතා මීට පෙර ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළේ ය.
ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත්කර සිටින බුද්ධික ඉද්දමල්ගොඩ මහතා නාරා ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් කටයුතු කරනු ලැබී ය.
හදබිම අධිකාරියේ සභාපතිවරයා ලෙස ඉන්දික ගුරුගේ මහතා පත්කර ඇත. ඔහු මීට පෙර ශ්‍රී ලංකා වරාය නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් කටයුතු කරනු ලැබී ය.
මෙම නව සභාපතිවරු තිදෙනාම සභාපති ධුරයන්හි රාජකාරී කටයුතු අද (31) ආරම්භ කිරීමට නියමිත ය. කෘෂිකර්ම අමාත්‍යාංශයේ නව අමාත්‍යවරයා ලෙස පසුගියදා සිදුකළ කැබිනට් සංශෝධයේදී මහින්ද අමරවීර මහතා පත්වීම් ලැබූ අතර ඔහු ඊට පෙර ධීවර හා ජලජ සම්පත් අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.
අමාත්‍යවරුන් දෙදෙනෙකු හෙට (27) රුසියාව බලා පිටත්ව යාමට නියමිත අතර එම සංචාරයේදී ඉන්ධන ආනයනය ඇතුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ...
වත්මන් ආර්ථික අර්බුදයට කොතරම් සාධනීය විසඳුම් යෝජනා පෙන්වා දුන්නද ඇමෙරිකාව සහ ඉන්දියාව තරහ වේයැයි බියෙන් ඒවා පිළිනොගන්නා ජනපති – අගමැති ප්...
සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තාවක් ඉදිරිපත් කරමින් පවසා සිටින්න්නේ ශ්‍රී ලංකාවට තවත් ඉන්ධන ණය පහසුකම් දෙනවා වෙනුවට ඉන්දියාව සමග එකග ව...