අනුබුදු මිහිඳු මාහිමියන් ශ‍්‍රී ලංකාවට වැඩම කොට බුදු සසුන පිහිටුවීම සිහිපත් කරන උතුම් පොසොන් පුන් පොහොය අදට (24* යෙදී ඇත.
ශ‍්‍රී බුද්ධ වර්ෂ 236 වැන්නේ පොසොන් පුන් පොහෝ දිනක මිහිඳු මහරහතන් වහන්සේ ප‍්‍රමුඛ ධර්ම දූත පිරිසේ ලංකාගමනය සිදු වූ අතර, ඒ තැන් සිට නිර්මල බුදු දහම මේ දිවයිනේ ස්ථාපිත වූ අතර නව බෞද්ධ ප‍්‍රබෝධයක් මෙන්ම සමාජ විපර්යාසයක් සහ අධ්‍යාත්මික විප්ලවයක් ද සිදු විණ.
ලොව අනෙකුත් සංස්කෘතීන්, ජාතීන් අතර සිංහල ජාතිය ශ්‍රේෂ්ඨ ජාතියක්, ශ්‍රේෂ්ඨ සංස්කෘතියක් බවට පත්වීමට මගපෑ ඒ උතුම් වූ බුදුදහම මෙරටට ලැබුණේ පොසොන් පොහෝ දිනකය.
අද වැනි දිනකදී මුව දඩයමේ යෙදී සිටි දේවානම්පියතිස්ස රජුට මිහින්තලා ගල් පර්වතය මුදුනේ සිට ‘තිස්ස’ කියා ආමන්ත‍්‍රණය කළ මිහිඳු මහ රහතන් වහන්සේ බුදු දහම ප‍්‍රචාරය කිරීමේ මහඟු කාර්යය ආරම්භ කළේය.
මිහිඳු මහරහතන් වහන්සේ මෙරටට වැඩම කරන ලද්දේ ද චුල්ලහත්ථිපදෝපම සූත‍්‍රය දේවානම්පියතිස්ස රජුට දේශනා කරන ලද්දේ ද මහාවංශය ඇතුළු ධර්ම ග‍්‍රන්ථ ලියැවීමට මුල පිරීම සිදු වූයේ ද පොසොන් පුන් පොහොය දිනයකදීය.
ලක්දිව බුදුසසුන පිහිටුවීම මෙන් ම බුදු වී සිව්වන සතියේ රුවන්ගෙයි වැඩහිඳිමින් ධර්මය මෙනෙහි කරන බුදුරදුන්ගේ ශරීරයෙන් ප‍්‍රථම වරට සවනක් ඝන බුදුරැුස් විහිදීම, ලක්දිව ප‍්‍රථම මහණ උපසම්පදාව සිදුවීම ආදී සිදුවීම් ද මෙදින සිදු ඇති ඓතිහාසික සිදුවීම් වේ.
කොරෝනා වසංගතය හේතුවෙන් මෙරට සිංහල බෞද්ධයෝ නිවසටම වී මේ උතුම් පොහොය සමරති.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...