බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින අර්ජුන් ඇලෝසියස්‌ට අයත් කොළඹ 02, පාක් ලෑන්ඩ් ගොඩනැඟිල්ලේ පිsහිටි පර්පචුවල් ට්‍රෙෂරීස් ප්‍රධාන කාර්යාලයේ තිබූ බැඳුම්කර වංචාව සම්බන්ධ රහස්‍ය ලිපි ලේඛන කීපයක් ඊයේ (30 දා) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව බාරයට ගනු ලැබුවේය.
බැඳුම්කර වංචාවට සම්බන්ධ රහස්‍ය ලිපි ලේඛන සොයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පර්පචුවල් ට්‍රෙෂරීස් ප්‍රධාන කාර්යාලයේ සිදු කළ පුළුල් සෝදිසි මෙහෙයුමකින් මෙම ලිපි ලේඛන සොයා ගැනීම සිදුකර ඇත.
සිද්ධියට අදාළ කොටුව මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙතින් ලබාගත් සෝදිසි වරෙන්තුවක් අනුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (30 දා) පෙරවරුවේ සිට රාත්‍රි 10 පමණ දක්‌වා මෙම සෝදිසි මෙහෙයුම සිදු කළේය.
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කිරීමත් සමඟ මෙම කාර්යාලය වසා දමා තිබිණි.
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මාධ්‍යය නිවේදනයක් නිකුත් කරමින් ඛනිජ තෙල් අමාත්‍යය කාංචන විජේසේකර මහතා හට ප...
ඊයේ(24) කොළඹ දී පැවැති මාධ්‍යය හමුවක් අමතමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා ප්‍රකාශ කළේ...
රිමාන්ඩ් භාරයේ සිටි අරග්ලකරුවන් අතරින් සිව් දෙනෙකුට ඇප නියම වී ඇති බව වාර්තාවේ. ඒ අනුව ජගත් මනුවර්ණ, ජෙහාන් අප්පුහාමි, ධම්මික මුණසිංහ ...