යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සංශෝධනය කළ යුතු බවට ශ්‍රී ලංකාවට බලපෑම් කරමින් ශ්‍රී ලංකාවට ලබා දෙන “ජී එස් පී ප්ලස්” සහනය අහෝසි කළ යුතු බවට සම්මත කළ යෝජනාවට අනුව එම පනත සංශෝධනය කිරීම සඳහා නිලධාරි කමිටුවක් පත් කිරීමට අමාත්‍යය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව වාර්තාවේ.
එම නිලධාරි කමිටුව විසින් ඉදිරිපත් කරණ යෝජනා වලට අනුව අදාළ සංශෝධන සිදුකිරීමට තීරණය කොට ඇති බවද වාර්තාවේ. ජී එස් පී ප්ලස් සහනය අහෝසි වුවහොත් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 500ක පමණ වෙළෙඳ පොලක් අහිමි වන බව වාර්තා වේ.
කෙසේ වෙතත් මීට පෙර 2008 සිට එවැනි බලපෑම් කළද ආණ්ඩුව ඊට අවනත නොවූ නිසා 2010දී එම සහනය අහෝසි කළ අතර නැවත යහපාලන ආණ්ඩුව අදාළ කොන්දේසි වලට විශේෂයෙන්ම 30/1 යෝජනාවට එකඟ වීම නිසා 2017 දී එම සහනය නැවත ලැබිණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...