ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවිර මහතා කළුතර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රජයට සම්බන්ධ හවුල්කාර පක්ෂ නායකයන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල වැනි නායකයන්ට ආණ්ඩුව තුළම සිටින දුෂ්ට බලවේග විසින් විවිධ කෙනෙහිලිකම් කරමින් සිටින බවයි.
එම හවුල්කාර පක්ෂ නායකයන් විසින් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රටේ ජනාධිපති කළ යුතු බවට ජාතික මතයක් ඇති කළ බවද ඒ මහතා පවසා සිටියේය.
එහිදී ඔහු සඳහන් කළේ එම කුමන්ත‍්‍රණකරුවන් විසින් මේ වන විට ආණ්ඩුවට සම්බන්ධ සහෝදර පක්ෂවලට බරපතල දේශපාලන ප්‍රශ්න හා පීඩාවන් ඇති කරමින් සිටින බවයි.
1956 දී මෙන්ම 1970දී පත්වූ ප්‍රගතිශීලී ආණ්ඩුවලට එරෙහිව මේ ආකාරයේ කුමන්ත්‍රණ ක්‍රියාත්මක වූ බවද පැවසූ ජයන්ත සමරවීර මන්ත්‍රීවරයා එවැනි කුමන්ත්‍රණ කරුවන් 1956 ආණ්ඩුවේ ගමන නැවැත්තුවේ එවකට අග්‍රාමාත්‍යවරයා වූ බණ්ඩාරනායක මහතා ඝාතනය කිරීමෙන් පසු බවද අවධාරණය කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...