ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මාධ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විසින් නිකුත් කරනු ලැබ ඇති නව චක්‍රලේඛයක් හේතුවෙන් මෙරට තුළ ඉදිරියේදී කොරෝනා ආසාදිතයන් වාර්තාවීම අඩුවෙන් පෙන්නුම් කරනු ඇති බව පවසා සිටී.
එහෙත් ඔහු අවධාරණය කරන්නේ එය සත්‍ය ලෙසම ආසාදිතයන් අඩුවක් නොවන බවයි.
උපුල් රෝහණ මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ නිරෝධායනයට ලක්කරන ලද පුද්ගලයන් ඉන් මුදා හැරීමේදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳවත් ඔවුන්ගේ පළමු පෙල ආශ්‍රිතයන් පරීක්ෂණවලට ලක් කිරීම පිළිබඳවත් නව චක්‍රලේඛයකින් උපදෙස් ලබාදී ඇති බවි.
එම නව චක්‍ර ලේඛනයට අනුව දින 21 ක කාලයක් නිරෝධායනය කර සිටින පළමු පෙළ ආශ්‍රිතයන් ඵ්Cර් පරීක්ෂණයකට ලක් නොකර නිදහස් කිරීමට උපදෙස් ලැබී ඇති බවත් එනිසා ඉදිරියේදී කොරෝනා ආසාදිතයන්ගේ අඩුවක් දකින්නට ලැබෙනු ඇති බවත් උපුල් රෝහන මහතා පවසා සිටී.
මෙම නව චක්‍ර ලේඛනයට අනුව පළමු පෙළ ආශ්‍රිතයන්ගේ ආශ්‍රිතයන් කවුදැයි කියා සොයා බැලීමක් සිදු නොවන නිසා ඉදිරියේ දී සමාජයතුල වෛරසය ආසාදිතයන්ගේ පොකුරු ඇතිවීමේ අවදානමක් ඇතැයිද උපුල් රෝහණ මහතා පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...