ඉකුත් මැතිවරණ සමයේදී අර්ජුන් ඇලෝසියස් තමාටද රුපියල් ලක්‍ෂයක පමණ මුදලක් ලබාදුන් බව ඇමැති සරත් ෆොන්සේකා මහතා පැවැසීය. තමා එම මුදල මැතිවරණ කටයුතු වෙනුවෙන් යොදා නොගත් බවත් එය වෙනත් පක්‍ෂයක ආධාරකරුවන්ට ලබාදුන් බවත් හෙතෙම සඳහන් කර සිටියේය.
ඊයේ (30 දා) මහනුවර ප්‍රදේශයේ සංචාරයක් අතරතුර මල්වතු අස්‌ගිරි මහ නාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්‌වමින් හෙතෙම මේ බව කියා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්‌වූ ඇමැති සරත් ෆොන්සේකා මහතා මෙසේද කීවේය. මගේ අමාත්‍යාංශයේ වැඩකටයුතු කිරීමට මුදල් හිඟයි කියලා මාධ්‍ය වාර්තා පළවුණා. නමුත් කිව යුතුයි එක්‌සත්ජාතීන්ගේ සංවිධානයෙනුත් මගේ අමාත්‍යාංශයට මුදලක් හිමිව තිබෙනවා. මුදල් හිඟකමක් නොමැති වුවත් පිරිස් බලයේ යම් හිඟතාවයක් තිබෙනවා. ඒවා ඉදිරියේදී පිරවිය යුතුයි.
අමාත්‍යවරුන් දෙදෙනෙකු හෙට (27) රුසියාව බලා පිටත්ව යාමට නියමිත අතර එම සංචාරයේදී ඉන්ධන ආනයනය ඇතුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ...
වත්මන් ආර්ථික අර්බුදයට කොතරම් සාධනීය විසඳුම් යෝජනා පෙන්වා දුන්නද ඇමෙරිකාව සහ ඉන්දියාව තරහ වේයැයි බියෙන් ඒවා පිළිනොගන්නා ජනපති – අගමැති ප්...
සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තාවක් ඉදිරිපත් කරමින් පවසා සිටින්න්නේ ශ්‍රී ලංකාවට තවත් ඉන්ධන ණය පහසුකම් දෙනවා වෙනුවට ඉන්දියාව සමග එකග ව...