අමාත්‍යය උදය ගම්මන්පිල මහතාට එරෙහිව දියත්වන ප්‍රහාරය තෙල් මිළ පිළිබඳ ප්‍රශ්නයක් නොව අමෙරිකානු අභිලාශයන්ට එරෙහිව යාමේ ප්‍රතිඵලයක් බව දේශපාලන විචාරකයෝ පවසති. එම පැහැදිලි කිරීමට අනුව ආණ්ඩුවේ ප්‍රභල පාර්ශවයන් විසින් ශ්‍රී ලංකාවේ පෞද්ගලික තෙල් පිරිපහදුවක් ඉදිකිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමකින් තොරව අමෙරිකානු සමාගමකට කොන්ත්‍රාත්තුව ලබා දීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කර ඇත.
නමුත් එහිදී ගම්මන්පිල අමාත්‍යයවරයාගේ ප්‍රතිපත්තිය වී ඇත්තේ ටෙන්ඩර් කැඳවීමකින් තොරව එවැනි මහා පරිමාණ ව්‍යාපෘතියක් විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ විශාලතම විදේශ ආයෝජනය යම් පාර්ශවයකට පැවරීම නොකළ යුතු බවය. ඒ අනුව ඩොලර් මිලියන 3000ක පමණ විශාල ව්‍යාපෘතියකින් කොමිස් ලබා ගැනීමට සිහින දුටු යම් පාර්ශවයක සිහින බොඳවී යන තත්වයක් ගම්මන්පිල අමාත්‍යයවරයාගෙන් ඇමතිකම ගැලවීම එකම විසඳුම ලෙස පෙනීයාම පුදුමයට කරුණක් නොවන බව එම විශ්ලේෂකයෝ පවසති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...