ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් රුපියල් බිලියන 200ක වටිනාකමින් යුත් පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව වාර්තාවේ.
එසේම එම පරිපූරක ඇස්තමේන්තුව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත යොමු කිරීමට ද ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විසින් යෝජනා කර ඇති බවද වාර්තාවේ.
එයට අමතරව අමාත්‍යවරයා විසින් 2020 සඳහා මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාව ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එය මුදල් පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව වෙත යොමුකිරීමට යෝජනා වී ඇති බව වාර්තාවේ.
මේ අතර කොවිඩ් -19 ව්‍යාප්තිය පාලනය සඳහා එන්නත් ලබා ගැනීම, 5000 දීමනාව සහ වෙනත් ගෙවීම් ආදිය සඳහා එම රුපියල් බිලියන 200ක පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවේ සභාගත කළ බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...