වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානියාට එරෙහිව එල්ලවී ඇති චෝදනා සහ ඒ මත පදනම්ව ඔහු මාරු කිරීම පිළිබඳව ලංකා ලීඩ් වෙබ් අඩවිය ජාතික සංවිධාන එකමුතුවේ මතය විමසන ලදී. ඒ සම්බන්ධයෙන් දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍යය වසන්ත බංඩාර මහතා අදහස් දක්වමින් පවසා සිටියේ, “ඕනෑම ජෛව ක්‍රියාකාරිත්වයක වෙනස් වන දත්ත සෑම විනාඩියකටම වරක් ජනනය වනවා. නමුත් අප ඒ සියල්ල මැන බැලීමට හෝ එකතු කිරීමට යන්නේ නැහැ. දත්ත වැදගත් වන්නේ ඒ මත පදනම්ව තීන්දු ගැනීම සඳහායි. කෝවිඩ් වෛරසය ආසාදනය වූවන්ගේ වර්ධනය පිළිබඳ දිනපතා වාර්තාවන් මහජනයාට වැදගත් විය හැකියි. එහෙත් මරණ පිළිබඳව දිනපතා වාර්තාවක් ලබා දීම මහජනයාට වැදගත් වන්නේ නැහැ.එය වැදගත් වන්නේ අභ්‍යයන්තර තීන්දු තීරණ ගැනීම සඳහායි. දිනපතා මරණ ගැන සංවේදී පුවත වැදගත් වන්නේ රූපවාහිනියේ මුහුණ පෙන්වීම සඳහා විය හැකියි.මරණ පිළිබඳව අවසන් නිගමන ස්ථිර කිරීම සඳහා දින කිහිපයක් ගත විය හැකි බැවින් දිනපතා මරණ පිළිබඳ වාර්තාවක් සැපයීම මගින් විකෘතියක් සිදුවෙනවා. අනෙක් කරුණ සංචරණ සීමා පිළිබඳව තීන්දුව මරණ අනුපාතය මත පදනම් වන්නේ නැහැ. මරණ වැඩිවීම මගින් ප්‍රකාශ වන්නේ වෙනස් තත්වයක්. සතියක මරණ ප්‍රමාණය දිනක අනුපාතයක් ලෙස සති අග ප්‍රකාශ කිරීම තමා නිවැරදි ක්‍රමය. වැරදි ක්‍රමයක් අනුගමණය කිරීම සම්බන්ධව වැරැද්ද වසංගත රෝග අංශ ප්‍රධානියාට පමණක් බැර කළ නොහැකියි.” යනුවෙන් ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...