ස්වාධීන වරාය සේවක සංගමය අද (21) අනාවරණය කරණු ලැබුවේ වරාය සේවකයින්ට වෙන්කළ එන්නත් මාත්‍රා 300ක් පමණ වරාය අධිකාරියේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරිය විසින් සිය ඥාති හිතවතුන්ට ලබාදුන් බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ස්වාධීන වරාය සේවක සංගමයේ සභාපති, ලාල් බංගමුව මහතා පවසා සිටියේ අදාළ වෛද්‍යවරිය විසින් එක් කුප්පියකින් සේවකයින් 12ත් 13ත් අතර ගනනක්ට එන්නත් ලබාදී ඇති බවය.
මාධ්‍යයවේදීන් නැගූ ප්‍රශ්නයකට පිලිතුරු දෙමින්”එලෙස ඉතුරු කර ගත් මාත්‍රා 300ක් පමණ තමන්ගේ හිතවතුන්ට, භාහිර පුද්ගලයින්ට එන්නත් කරගෙන තිබෙනවා. ඒ සම්බන්ධව පරීක්ෂණයක් කරලා අද වන විට ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරියව අනිවාර්ය නිවාඩු යවලා තියෙනවා.” යනුවෙන් පැවසුවේය.
මේ අතර ලාල් බංගමුව මහතා කළ අනාවරණය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසා සිටියේ, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය විමර්ශන සිදුකරන බවත් ඉදිරියේ දී විස්තර ලබාදෙන බවත්ය.
මෙම චෝදනාවට ලක්වන වෛද්‍යයවරිය බැසිල් රාජප්ක්ෂ මහතාගේ බිරිඳගේ ළඟම ඥතිවරියක් බව අන්තර්ජාල පුවත් අඩවියක් වාර්තා කර තිබුණි. එසේම එම වෛද්‍යයවරිය අනිවාර්ය නිවාඩු යැවීම හේතුවෙන් වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් දයා රත්නායක මහතාට තම තනතුරද අහිමි වූ බව එම අන්තර්ජාල පුවත් අඩවිය පවසා සිටියි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...