දේශීය පුවත්

එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිතවරිය වන හානා සිංග-හම්දී මහත්මිය ප්‍රකාශ කරන්නේ කොළඹ වරාය ආසන්නයේදී ගිනිගෙන මුහුදේ ගිලුණු රසායනික ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබු නෞකාව හේතුවෙන් “පෘථිවියට සුවිසල් හානියක්” සිදුවී ඇති බවයි.

එම නැවෙන් පරිසර පද්ධතියට සැලකිය යුතු විෂ ද්‍රව්‍ය ප්‍රමාණයක් පරිසර පද්ධතියට එක්වීම හේතුවෙන් එසේ සිදුව ඇති බව ඇය අවධරණය කරන්නීය.

වැඩිදුරටත් කරුණු දක්වමින් ඇය පවසන්නේ නෞකාවේ ගින්න හේතුවෙන් සිදුව ඇති හානිය නීර්ණය කිරීමටත් වන්දි ලබා ගැනීමට සහ ඉදිරියට එවැන්නක් සිදුනොවීමට අවශ්‍ය සහාය එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාව ට ලබාදෙන බවයි.

හානා සිංග-හම්දී මහත්මිය පවසන්නේ, “මේ හේතුවෙන් මේ වනවිට ශ්‍රී ලංකාවේ මුහුදුබඩ කලාපයේ ජීවත්වන ජනතාවගේ ජීවිතවලට සහ අදායම් මාර්ග සඳහා බලපෑම් ඇති කර තිබෙනවා” යනුවෙනි.

ඉන්ධන කාන්දුවීම් සහ රසායනික ද්‍රව්‍ය ගැන විශේෂඥ දැනුම සහිත එක්සත් ජාතීන්ගේ කණ්ඩායමක් යුරෝපීය සංගමයේ සහයෙන් මේ වනවිට මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව පැවසේ.

ගින්න පාලනය සඳහා වැයවූ වියදමේ කොටසක් පියවා ගැනීමට මේ වනවිට නෞකාව හිමි එක්ස්ප්‍රස් ෆීඩර් සමාගමෙන් ඩොලර් මිලියන 40ක අතුරු හිමිකම් වන්දියක් ඉල්ලීමට ශ්‍රී ලංකාව කටයුතු කර තිබෙන බවද වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More