දේශීය පුවත්

අද (21) උදෑසන පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසා සිටියේ මාදිවෙල, ප්‍රගතිපුර ප්‍රදේශයේ පුද්ගලයෙක් කොවිඩ් “ඩෙල්ටා ප්‍රභේදය” ආසාදිතයෙක් යැයි සැකයක් මතුවීම හේතුවෙන් මේ වන විට සෞඛ්‍ය අංශ විසින් ඒ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇති බවය.

එහිදී  වෛද්‍ය හේමන්ත හේරත් පවසා සිටියේ මෙවැනි තත්ත්වයක් වාර්තා වන සෑම අවස්ථාවක දීම අදාළ පියවර ගැනීමට වසංගත රෝග විද්‍යා ඒකකය කටයුතු කරමින් සිටින බවත් එවැනි ආසාදිතයෙක් හමුවු බවට වාර්තා වන්නේ නම් අදාළ පළාත්වල සිටින සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් නිසි ක්‍රියාමාර්ග ගනු ලබන බවත් පැවසීය.

වෛද්‍ය හේමන්ත හේරත් මහතා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ මේ වන විට සැකයක් පමණක් පවතින බවත් එය තහවුරු කිරීමක් සිදුකර ඇත්නම් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මඟින් එය වසංගත රෝග විද්‍යා ඒකකයට දැනුම් දෙන බවත්ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More