මහනුවර දළදා මාලිගාව සතු යැයි පැවසෙන ඉතා වටිනා ඉඩමක් මිලියන 400කට අන්‍යාගමික පුද්ගලයෙකුට පැවරීම සම්බන්ධ ගනු දෙනුවකට බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා එකඟ නොවීම හේතුවෙන් එතුමාට ඉල්ලා අස්වෙන ලෙස බලපෑම් එල්ල වී ඇතැයි ආරංචි මාර්ග පවසා සිටී.
කෙසේ වුවද බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග මේ සම්බන්ධව ස්ථිර වශයෙන්ම තහවුරු නොකළ අතර යම් යම් කුමන්ත්‍රණකාරී දේපල සම්බන්ධ ගනු දෙනු වලදී බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා ඉතා නිර්භීතව අනවශ්‍යය බලපෑම් වලට යට නොවී කටයුතු කරණ බව පමණක් එම ආරංචි මාර්ග තහවුරු කර සිටියේය.
කෙසේ වුවද වත්මන් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් විවිධ නීති විරෝධී ක්‍රියාවලට ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ නම් ඈඳමින් විවිධ ප්‍රවෘති අන්තර්ජාලය ඔස්සේ බෙදා හැරෙන බව පැවසූ මහනුවර ප්‍රදේශයේ ඓතිහාසික විහාරස්ථානනයක ගරු කටයුතු හිමි නමක් පවසා සිටියේ පැතිර යන ආරංචි සැබෑ වුවද ව්‍යාජ වුවද ඒ සම්බන්ධව අවදියෙන් සිටීම සමාජ වගකීමක් බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...