කොළඹ වරායේ බටහිර පර්යන්තයේ කොටස් හිමි කරගෙන ඇති ඉන්දියාවේ අදානි සමාගම මේ වනවිට බංකොළොත් තත්ත්වයට පත්ව ඇතැයි ඉන්දීයාවේ ‘ද හින්දු’ පුවත්පත වාර්තා කර ඇත. ‘ද හින්දු’ පෙන්වාදෙන්නේ පසුුගිය දිනවල ඉන්දීය කොටස් වෙළෙදපොළ තුළ අදානි සමාගමේ කොටස්වල වටිනාකම විශාල ලෙස පහත වැටී ඇති බවයි .
ඒ අනුව ඉන්දීය ප්‍රකෝටිපතියෙකු වන ගෞතම් අදානි විසින් පාලනය කරනු ලබන අදානි එන්ටර්ප්‍රයිසස්, අදානි ග්‍රීරීන් එනර්ජි සහ අදානි පොර්ට් යන සමාගම්වල කොටස් වටිනාකම් පසුගිය සතියේ 3.3% සිට 4.7% දක්වා පහත වැටී ඇති අතර, අදානි ටෝටල් ගෑස්, අදානි ට්‍රාන්ස්මිෂන් සහ අදානි පවර් යන සමාගම්වලද කොටස් වටිනාකම් අවම සීමාවන්ට ළඟාවී ඇත.
කෙසේ වෙතත් පසුගිය වසර තුළ, අදානි සමූහ සමාගම්වල කොටස් වටිනාකම් විශාල ලෙස ඉහල යෑම හේතුවෙන් නිසා ගෞතම් අදානි ඉන්දියාවේ දෙවන ධනවත්ම පුද්ගලයා බවට පත් වී තිබේ.
ශ්‍රී ලංකාවේ වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව ඉන්දියාවේ අදානි සමාගමට කොළඹ වරායේ බටහිර පර්යන්තය ලබා දීමට පියවර ගත් අතර එහි කොටස්වලින් 85%ක් මෙරට පෞද්ගලික සමාගමක්ද සමග එක්ව සංවර්ධනය කිරීම ආරම්භ කරන බව අදානි සමාගම පසුගියදා නිවේදනය කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...