දේශීය පුවත්

වර්තමාන ආණ්ඩුව විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ කටයුත්ත ඉදිරියට දමා ගත්තත් මුලින්ම සිදුකළ යුතුව තිබුණේ ජනතාවගේ ජීවත්වීමේ අමාරුකම්වලට උත්තර සෙවීම බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේය.

ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනා අද (30දා) විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා හමුවීමෙන් පසු මාධ්‍යට අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ලෙස ගෙන ආ යුත්තේ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම පිළිබඳව බවත්, එහෙත් ආණ්ඩුව සියලුම දේ පටලවාගෙන යන ආකාරයක් දක්නට ලැබෙන බවත් පවසා සිටියේය.

ඇලෝසියස්ගෙන් මුදල් ලබාගත් බවට තම කණ්ඩායමේ එක් මන්ත්‍රීවරයෙකුට චෝදනා එල්ල වුවත් මුළු කණ්ඩායමම එතැනට නොදමන ලෙසත්, තම කණ්ඩායම කාගෙන්වත් මුදල් ලබාගෙන නොමැති බවත් සුසිල් ප්‍රේමජයන්ත මහතා වැඩිදුරටත් මෙහිදී පවසා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More