දේශීය පුවත්

සුරාබදු කොමසාරිස් දෙපාර්තමේන්තුව පවසා සිටින්නේ සංචරණ සීමා ඉවත් කිරීමත් සමග දිවයින පුරා මත්පැන් අලෙවිසල් ද අද (21දා) සිට විවෘත කිරීමට අවසර ලැබෙන බවයි.

සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසා සිට්න්නේ මේ සම්බන්ධයෙන් සියලූම සහකාර සුරාබදු කොමසාරිස්වරුන්, සුරාබදු අධිකාරිවරුන් හා සුරාබදු ස්ථානාධිපතිවරුන් වෙත නිවේදනයක් නිකුත් කර ඇති බවත් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව සියලූ වෙළෙඳසල් විවෘත කිරීමට අවකාශ ලබාදී ඇති හෙයින් සුරාබදු බලපත‍්‍ර ලත් ස්ථාන පමණක් විවෘත කිරීමට අවසර ලබාදීමට කටයුතු කරන ලෙස දැනුම් දී තිබෙන බවත්ය.

ඒ අනුව දැනට වසා මුද්‍රා තබා ඇති බලපත‍්‍රලත් ස්ථානවල මුද්‍රා ඉවත් කිරීම සඳහා ක‍්‍රියාමාර්ග ගැනීමේ වගකීම අදාළ සුරාබදු කොමසාරිස්වරුන්ට පවරන බවද සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතාගේ නිවේදනයේ දැක්වේ.

එම නිවේදනය මගින් වැඩිදුරටත් පවසා සිටින්නේ සෙසු බලපත‍්‍රලත් ස්ථාන සම්බන්ධයෙන් ගතයුතු පියවර නව සෞඛ්‍ය මාර්ගෝපදේශ ලද පසු දැනුම්දෙන බවයි.

කොවිඞ් වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා සංචරණ සීමා පැනවීමත් සමග සියලූ මත්පැන් අලෙවිසල්ද සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව සුරාබදු ප‍්‍රධානීන් විසින් වසා දමනු ලැබීය.

කෙසේ වුවද මත්පැන් අලෙවිසල් වසා දැමීම නිසා මේ දක්වා රජයට සිදුව ඇති පාඩුව රුපියල් කෝටි 2000 කට ආසන්න යැයි සුරාබදු කොමසාරිස් දෙපාර්තමේන්තුව පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More