දේශීය පුවත්

ඛනිජ තෙල් සංස්ථාව විසින් ඉන්ධන මිලදී ගැනීම සඳහා ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් ලබාගෙන ඇති විශාල ණය මුදලක පොලී ගෙවීම සඳහා ජාත්‍යන්තර ණය දෙන ආයතනවලින් ඇමරිකන් ඩොලර් බිලියනයක ණයක් ලබා ගැනීමේ හැකියාව පිළිබඳව රජය සොයා බලාගෙන යන බව වාර්තාවේ.

දැනටමත් ණය දෙන ආයතන කිහිපයක් වෙතින් මෙම ණය මුදල ලබා ගැනීම සඳහා යෝජනා පත‍්‍ර නවයක් රජයට ලැබී ඇති බව කියවේ. මේ වන විට මෙම යෝජනා සලකා බැලීම සඳහා කමිටුවක් ද රජය විසින් පිහිටුවා ඇති බව වාර්තාවේ.

රජයට සම්බන්ධ ආරංචි මාර්ග පවසන්නේ යෝජනා පත‍්‍ර සලකා බැලීම ලබන සතියේදී ඇරඹෙනු ඇති බවයි. ඉහත සඳහන් ණය මුදල ලබා ගැනීම සඳහා ජපන් රාජ්‍ය බැංකුව සහ චීන රාජ්‍ය බැංකුව සමග ලක් රජය විසින් මෙයට පෙර සාකාච්ඡා පවත්වා ඇති බවද වාර්තාවේ. වසරකට සියයට තුනේ පොලියකට එම ණය මුදල ලබාගැනීමට තීරණය වුවද ශ‍්‍රී ලංකාව තුළ පවතින ආර්ථික අර්බුද නිසා එම සාකච්ඡා බිඳ වැටී ඇති බව කියවේ.

ඛනිජ තෙල් සමාගම සතුව පවත්නා සම්පූර්ණ ණය ප‍්‍රමාණය රුපියල් බිලියන හයසිය තිස් පහක් හෙවත් ඇමරිකන් ඩොලර් බිලියන 3.355 කි. මෙයින් ඩොලර් බිලියන 1.075 ක් මහජන බැංකුවට ගෙවිය යුතු අතර ඩොලර් බිලියන 1.006 ක් ලංකා බැංකුවට ගෙවිය යුතුය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More