අද (21) දින සංචරණ සීමා ලිහිල් කිරීමත් සමඟ ජනතාව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති බව වාර්තාවේ.
ඒ අනුව එම මාර්ගෝපදේශ සංග්‍රහයේ දැක්වෙන ප්‍රධාන අංග කිහිපයක් පහත පරිදි වේ.එක් නිවසකින් වරකට පිටතට යා හැක්කේ දෙදෙනෙකුට පමණකි. පුද්ගලික හෝ කුලී රථ සහ ටැක්සි රථ වල ගමන් කළ හැක්කේ දෙදෙනෙකුට පමණි. වැඩමුළු,සම්මන්ත්‍රණ හෝ සන්නාම දියත් කිරීම සඳහා බස්නාහිර පළාතේ අවසර නොමැති අතර අනෙක් පළාත්වල අත්‍යවශ්‍ය නම් පමණක් 25 දෙනෙකු ගේ සහභාගීත්වයෙන් සිදුකළ හැක.
සුපිරි වෙළෙඳසැල් සෑම පාළාතකම විවෘත කිරීමට අවසර දී ඇති අතර එක් වරකට එම වෙළෙඳසැලේ ධාරිතාවයෙන් 25%ක් පමණක් පාරිභෝගිකයින් ඇතුළු කළ හැකිය. සාප්පු සංකීරණ බස්නාහිර පළාතේ වසා තබනු ඇත. දිවාසුරැකුම් මධ්‍යස්ථාන ධාරීතාව 50%ක් පමණක් විය යුතුය.
ක්‍රීඩා ක්‍රීයාකාරකම් සඳහා තනිව පුහුණුවීමට අවසර ඇති අතර සාමුහික ක්‍රියාකාරකම් සඳහා අවසර නැත.
මංගල උත්සව සඳහා අවසර නොමැති නමුත් මනාලිය සහ මනාලයා ඇතුළු සහභාගීවන්නන් 10 දෙනෙකු සමග විවාහය ලියාපදිංචි කිරීමට අවසර ඇත. පුජනීයස්ථාන වසා තබනු ඇත. පුස්තකාල, සිනමාහල්, කෞතුකාගාර වසා තබනු ඇත. මේ අතර සංචරණ සීමාවන් ඉවත් කිරීමේදී සෑම පළාතකටම පොදුව ලිහිල් කරනු ලබන සීමාවන් සහ බස්නාහිර පළාතට පමණක් සිදුකරනු ලබන සමහර සීමාවන් පිළිබඳව ද වගුවකින් දක්වා තිබේ.
එම සම්පූර්ණ විස්තර පහතින්,




ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...