දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දෙරණ රූපවාහිනිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් පවසා සිටින්නේ තමාගේ අපේක්ෂාව විපක්ෂයේ සියලුදෙනාම ශක්තිමත්ව විපක්ෂයක් ලෙස ආණ්ඩුවට එරෙහිව කටයුතු කිරීමට පෙල ගැස්වීම බවයි.

සජිත් ප්‍රේමදාස මහතා තමාට එරෙහිව පවසන දෑ වලට පිළිතුරු දීමට කටයුතු නොකරණ බව පවසන රනිල් වික්‍රමසිංහ මහතා තමාගේ දේශපාලනය ස්ථානගත වන්නේ ආණ්ඩුවට නිවරැදි මාර්ගය පෙන්වා දීමට බවත් සජිත් ප්‍රේමදාස මහතා තමාගේ දේශපාලන විරුද්ධවාදිය බවට පත් කර ගැනීමේ අවශ්‍යයතාවයක් නොමැති බවත් පවසා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මේ තීරණාත්මක මොහොතේ තමා නිවැරදි තීරණයක් නොගතහොත් පසු කාලයේදී එක්සත් ජාතික පක්ෂයට එය නරක විදියට බලපාන බවත් පවසා සිටියේය. එසේම තමාගේ මෙම තීරණයට කිසිවෙකුත් කළබල විය යුතු නැති බවත් අවධාරණය කළේය.එක්සත් ජාතික පක්ෂයට ඇත්තේ එක මන්ත්‍රී දූරයක් පමණක් බව පවසන රනිල් වික්‍රමසිංහ මහතා තනි මන්ත්‍රීවරයෙක් විපක්ෂ නායකකම දිනා ගන්නේ කෙසේද යන්න තමාට නොතේරෙන බවත් පවසා සිටී.

ඒ අනුව තමාගේ මතය වන්නේ විපක්ෂයේ අප සියලු දෙනාම ශක්තිමත් විපක්ෂයක් ලෙස ක්‍රියාත්මක විය යුතු බව අවධාරණය කරණ බවද පවසා සිටියේය. මෙහිදී තමගේ කාර්යභාරය විපක්ෂය එකට එකතු කිරීම බව රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

අද වන විට බටහිර තනාපති කාර්යාල තමාට කතා කර යුද්දෙ කාලෙවත් ඉල්ලුම් පත්‍ර නොදාපු තරම් පිරිසක් රට අතහැර යාමට ඉල්ලුම් පත්‍ර යොමු කර ඇති බව තහවුරු කළ බවද පවසා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More