දේශීය පුවත්

දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම විද්‍යුත්කරණය කිරීමේ ව්‍යාපෘතිය නොමිලයේ සිදුකර දීමට දේශීය සන්නිවේදන සමාගමක් විසින් එකඟත්වය හා කැමැත්ත පළකර තිබියෙදී එම ව්‍යාපෘතිය ඇමරිකානු ඩොලර් මිලියන 22 ක කොන්ත්‍රාත්තුවක් මත චීන සමාගමකට දීමේ උත්සහායකට දුම්රිය වෘත්තීය සමිති ප්‍රමුඛ රාජ්‍ය හා අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති රැසක් දැඩි විරෝධය පළකර සිටී.
මෙම ව්‍යාපෘතිය නොමිලයේ සිදුකර දීම ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම කැමැත්ත පළකර තිබියදී මෙම ව්‍යාප්තිය වේල්ක්වුඩ් ( whale cloud technology) නැමති පුද්ගලික චීන සමාගමට ලබා දීමට උත්සහා ගනිමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන දුම්රිය සේවක සංගමයේ ලේකම් නදීර මනොජ් පැවසීය.
වත්මන් ප්‍රවාහන ඇමති ගාමිණි ලොකුගේ ද මෙම ව්‍යාපෘතිය දේශීය සමාගමක් වන ටෙලිකොම් සමාගම වෙත ලබාදීමට පූර්ණ එකඟත්වය පළකර ඇත. මෙම උත්සහායට දුම්රිය වෘත්තීය සමිති 30 කට අධික සංඛ්‍යාවක් මෙන්ම ජාතික මට්ටමේ වෘත්තීය සමිති ඇතුළු බලවේග සියයකින් පමණ දැඩි විරෝධයක් මතුව තිබෙන බවත් මෙම ක්‍රියාවලියට එරෙහිව දැවැන්ත ඒකාබද්ධ වෘත්තීය අරගලයක් ගෙන යන බවත් දුම්රිය එන්ජින් රියැදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ අරුණ, කළ විමසුමකදී සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව, විගණකාධිපතිවරයා ඇතුළු පාර්ශ්ව රැසකට පැමිණිලි කර ඇතත් මෙම උත්සහාය මෙතෙක් නැවතී නැති බවද හෙතෙම කීවේය. මේ සම්බන්ධයෙන් ප්‍රවාහන ඇමති ගාමිණි ලොකුගේගෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කළේ පසුගිය ආණ්ඩුව සමයේ දී ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර යටතේ මෙම ව්‍යාපෘතිය සිදුකිරීමේ ටෙන්ඩරය ඉහත සඳහන් චීන සමාගම වෙත ලැබී ඇති බවය. එසේම ටෙලිකොම් සමාගම ද මෙම ටෙන්ඩරය වෙනුවෙන් තරග කළද ඔවුනට එම ටෙන්ඩරය ලැබී නැති බව ඔහු පැවසීය.
බොහෝ දෙනාගේ ඉල්ලීම් හමුවේ මෙම ව්‍යාපෘතිය ටෙලිකොම් සමාගම වෙත ලබා දීම තමාගේ ද පෞද්ගලික කැමැත්ත වී තිබුණත් එය සිදුකිරීම අසීරු කටයුත්තක් යැයි ද ඇමැතිවරයා සඳහන් කළේය. එමෙන්ම ඉහත වෘත්තීය සමිති පවසන ආකාරයට කිසිදු පාර්ශ්වයක් මෙම ව්‍යාපෘතිය නොමිලයේ සිදුකර දීමට එකඟත්වය පළකර නැතැයි ද හෙතෙම කීවේය.(අරුණ)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More