දේශීය පුවත්

රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය භාරව සිටින විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා පවසන්නේ කොවිඩ් -19 රෝගය හා සම්බන්ධ ඉතා බරපතළ තත්ත්වයක් දරුවන් සම්බන්ධයෙන් මතුව තිබෙන බවයි.

විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා වැඩිදුරටත් පවසා සිටියේ කොවිඩ් වෛරසය ආසාදනය වී සති 2 – 6ක් පමණ කාලයක් ගතවන විට එම Multi System Inflammatory Syndrome නැමති නව රෝගී තත්ත්වය දරුවන් තුළ හට ගන්නා බවයි..

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍යය කිතුල්වත්ත මහතා පවසා සිටියේ එම රෝගී තත්ත්වයට දරුවන් නොදැනුවත්ව ම ගොදුරු වී සිටිම එහි ඇති බරපතළම තත්ත්වය බවයි.

මේ වන විට එම රෝගී තත්ත්වයට පත්වු වයස අවුරුදු 8 ත් 15ත් අතර වු දරුවන් 6 දෙනෙක් රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවද ඒ මහතා අනාවරනය කරයි.

එම රෝගයේ ප්‍රධාන ලක්ෂණ වන්නේ උණ, දැඩි ඇඟේ වේදනාව, වමනය, බඩේ අමාරුව, පාචනය, ඇස් රතු වීම, ඇඟේ දද වැනි ස්වභාවයක් හට ගැනීම වන අතර එහි භයානක තත්ත්වය වන්නේ හෘද වස්තුවට බලපෑම් කර රුධිර පීඩනය අඩුවීමෙන් දරුවා මියයෑම බව ද වෛද්‍යය කිතුල්වත්ත මහතා පවසා සිටියේය.

මෙය අලුත් රෝගී තත්ත්වය 2020 අප්‍රේල මාසයේ දී එංගලන්තයේ දී හඳුනාගත් බව පැවසු වෛද්‍ය කිතුල්වත්ත මහතා යම් දරුවෙකුට ඉහත දැක්වු රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු බවද අවධාරනය කළේය.
වෛද්‍යයවරයා වැඩිදුරටත් අදහස් දක්වමින්,
”මෙය ඉතා භයානක තත්ත්වයක්. ඇමරිකාව, එංගලන්තය වැනි රටවලිනුත් මෙය වාර්තා වී තිබෙනවා. එම රටවල දරුවන් මේ රෝගී තත්ත්වය නිසා මිය ගොස් තිබෙනවා. ලංකාවෙත් දැන් එම රෝගයේ ලක්ෂණ පෙන්න්නුම් කරන දරුවන් හමුවී තිබෙනවා. දැනට හමුවෙලා තිබෙන රෝගී දරුවන් 06 දෙනා කොළඹ අවට ප්‍රදේශවලින් හමුවී තිබෙන්නේ. එවැනි එක් රෝගී දරුවෙක් වැලිමඩ ප්‍රදේශයෙනුත් හමුවුණා. එම දරුවා බදුල්ල රෝහලට යොමුකර ප්‍රතිකාර ලබා සුවය ලබා තිබෙනවා. අපි විශ්වාස කරනවා මෙම තත්ත්වය රට පුරා ව්‍යාප්ත වෙලා ඇති කියලා.“ යනුවෙන් පැවසුවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More