දේශීය පුවත්

විදේශ විනිමය අර්බූදයට මුහුණ දීමට මුදල් රාජ්‍යය අමාත්‍යාංශයේ සහ මහ බැංකුවේ යම් නිලධාරීන් කණ්ඩායමක් විසින් ඉදිරිපත් කර තිබෙන යෝජනා මාලාවක් මගින් දේශීය කර්මාන්ත පද්ධතිය යළි නැගිටවිය නොහැකි ආකාරයට කඩා වැටෙන බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති.ඔවුන්ගේ විශ්ලේෂණ අනුව මෙම යෝජනා සිතා මතා රජය අමාරුවේ දැමීමට ගෙන එන ලද ඒවා බව සැකයක් මතුවන බවද ආර්ථික විශ්ලේෂකයෝ පවසති. ඒ අනුව එය කුමන්ත්‍රණයක් බව ඔවුහු පවසන අතර ප්‍රධාන වශයෙන් කරුණු 6ක් එම ආර්ථික විශ්ලේෂකයෝ අවධාරණය කර සිටිති.ඒවා නම්,

1)චීනය සමඟ අත්සන් කළ ඩොලර් මිලියන 1.5ක විනිමය හුවමාරු ගිවිසුමට ඇතුල් කළ වගන්ති 2ක් නිසා එම පහසුකම ජූලි මස අවසානය වන විට ගෙවීමට ඇති විදේශ ණය ගෙවීම සඳහා භාවිතා කළ නොහැක.

2)එම වරද නිසා ජූලි මාසයේදී රටේ විනිමය සංචිතය අඩු වූ විට අප රටේ මුල්‍යය තත්වය පිළිබඳ ජාත්‍යයන්තර නිර්නායක පහත වැටෙනු ඇත. එනිසා ණයවර නිකුත් කිරීමේදී ඒවා ස්ථිර කිරීම සහ 100% මුදල් පෙන්වීමේ කොන්දේසි පැනවීම නිසා ආනයනික අමුද්‍රව්‍යය මිළ 10% කින් පමණ ඉහළ යනු ඇත.

3)ඊට අමතරව කුඩා හා මධ්‍යයම පරිමාණ කර්මාන්තකරුවන්ට පවා ණයවර ලිපි නිකුත් කිරීමේ ක්‍රමය අනිවාර්ය කිරීම නිසා කුඩා හා මධ්‍යයම පරිමාණයේ කර්මාන්තකරුවන් බරපතල අර්බූදයකට ලක්වේ.මේ වන විට කුඩා පරිමාණ අමුද්‍රව්‍යය ආනයනයේදී ණයවර ලිපි භාවිතා වන්නේ 20%ක් පමණි. එසේම කුඩා පරිමාණ සැපයුම්කරුවන් ණයවර ලිපි වලට අමු ද්‍රව්‍යය ලබා දීමට ඇති නොකැමැත්ත නිසා ණයවර ලිපි ක්‍රමය අනිවාර්ය කිරීම නිසා කර්මාන්තකරුවන් බලවත් අර්බූදයට ලක්වේ.

4) දේශීය කර්මාන්තකරුවන්ගේ අපනයන ආදායමෙන් 25%ක් වහාම රුපියල් වලට හැරවීමට බල කිරීම නිසා ඔවුන් නැවත අමුද්‍රව්‍යය ආනයනය කිරීමේදී ඩොලර් ලබා ගැනීමට වැඩි පිරිවැයක් දැරීමට සිදුවේ.

5)අමු ද්‍රව්‍යය ආනයනය සඳහා කෝටා ක්‍රමයක් හඳුන්වා දීම නිසාද කර්මාන්තකරුවන්ට අවශ්‍යය ප්‍රමාණයට අමුද්‍රව්‍යය ලබා ගැනීමට නොහැකි විය හැක.එහෙත් මහා පරිමාණ බහු ජාතික සමාගම් විසින් දේශීය පරිභෝජනය සඳහා ආනයනය කරණ ආහාර පාන සහ භාන්ඩ වලට කෝටා පැනවීමක් සිදු වන්නේ නැත.

6) බහු ජාතික මහා සමාගම් විසින් ණයවර ලිපි ලබා ගැනීමේදී 100% මුදල් පෙන්වීමේ ක්‍රියාවලිය තුළ ණය ගැනීමට සිදු නොවන බැවින් සහ මහා පරිමාණයෙන් ආනයනය කිරීමේදී ණයවර ලිපි ගාස්තුව ඒකකයකට අනුව අඩු ගාස්තුවක් ගන්නා නිසා ඔවුන්ගේ නිෂ්පාදන දේශීය නිෂ්පාදනකරුවන්ගේ නිෂ්පාදන වලට වඩා තරඟකාරී වේ. එවිට දේශීය තරඟකරුවන්ට වෙළෙඳ පොළ අහිමි වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More