දේශීය පුවත්

කොරෝනා ආසාදිත වී සති දෙකක් සති හයක් අතර කාලයේදී දරුවන්ට වැළදෙන බරපතල රෝගී තත්ත්වයක් මෙරටින් වාර්තා වන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය භාර විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත පවසනවා.

එම රෝගී තත්ත්වයට පත් වූ වයස අවුරුදු 8 ත් 15 ත් අතර දරුවන් හය දෙනෙකු මේ වනවිට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු සදහන් කළේ.

රට පුරා ව්‍යාප්ත විය හැකි එම රෝගයේ රෝග ලක්‍ෂණ පිළිබදවද විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත පැහැදිලි කරමින් කියා සිටියේ මුලින්ම උණ ඇති වී ඉන්පසුව දැඩි ඇඟපතේ රුදාවක් ඇතිවන අතර බඩේ කැක්කුම, වමනය, පාචනය, වැනි සාමාන්‍ය රෝග ලක්ෂණ ඇතිවන බවයි.

දෙමාපියන් නොදැනම දරුවන් කොවිඩ් ආසදිතව සුව වී මෙම රෝගය මඟින් දරුවන්ගේ හෘදයට බලපෑම් ඇති කර මිය යාමට පවා ඉඩ ඇති බව ඒ මහතා සඳහන් කළා.

මේ කාල සිමාවේ දරුවන් පිළිබද දැඩි විමසිල්ලෙන් සිටින ලෙසට රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය භාර විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මව්පියන්ගෙන් එහිදී ඉල්ලීමක්ද කල සිටියාය.(CNF NEWS)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More