දේශීය පුවත්

සෞඛ්‍යය දෙපාර්තමේන්තුවේ ජෛව වෛද්‍යය ඒකකයේ අධ්‍යයක්ෂක එස් ඒ ජේ කරුණාතිලක නැමැත්තාගේ මැදිහත්වීම මත සහ අමාත්‍යාංශයේ ඇමතිවරියට  සමීප ප්‍රභලයෙකුගේ මැදිහත්වීමෙන් හදිසි මිළදී ගැනීම් හරහා බිලියන ගණන් කොමිස් ගැනීමේ වැඩ පිළිවෙලක් දියත්වන බව සෞඛ්‍යය සේවයේ ඉහළ නිලධාරිහු පවසති.

මෙම නිලධාරියාට විරුද්ධව බරපතල චෝදනා තිබියදී වැඩ බලන පදනමින් ඔහු දිගටම දූරයේ තබා ගෙන සිටින්නේ මේ දූෂණ වලට සම්බන්ධ බලවත් පිරිසක් බවද වාර්තා වේ.

මෙම තනතුරට පත්වීමට සුදුසුකම් සහිත ජේෂ්ඨ නිලධාරියෙකුගේ පත්වීමට විවිධ බාධා එල්ල කරමින් මෙම පුද්ගලයා තවදුරටත් තනතුරේ සිටීමට සමත් වී ඇත්තේ මුදල් බලය නිසායැයිද සෞඛ්‍යය ක්ෂෙත්‍රයේ නිලධාරිහු චෝදනා කරති.

ඔහුට විරුද්ධව බරපතල චෝදනා සහිතව ඉදිරිපත් වී ඇති පෙත්සමක කොටසක් ලංකා ලීඩ් පුවත් වෙබ් අඩවිය වෙත ලැබී තිබේ.

මෙවර පැන නැගී ඇති කොවිඩ්19 වෛරස් රැල්ලට මුවාවී හදිසි මිළදී ගැනීම් ලෙස මිළදී ගැනීමට මිළ ගණන් කැඳවා ඇති වායු පිරිසිදු කරණ යන්ත්‍ර 300ක් ජංගම සී ටී ස්කෑන් යන්ත්‍ර 1ක් ජංගම එක්ස්-රේ යන්ත්‍ර 24ක් හා රුධිර කාන්දු කරණ යන්ත්‍ර 4ක් මගින් රුපියල් මිලියන 100කට අධික කොමිස් මුදලක් ලබා ගැනීමට නියමිත බවද වාර්තා වේ.

————————————————————————————————————————————–

සෞඛ්‍යය දෙපාර්තමේන්තුවේ ජෛව වෛද්‍යය ඒකකයේ අධ්‍යයක්ෂක එස් ඒ ජේ කරුණාතිලක නැමැත්තාට විරුද්ධව බරපතල චෝදනා සහිතව ඉදිරිපත් වී ඇති පෙත්සම

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා අංශයේ අධ්‍යක්ෂ එස්.ඒ.ජේ. කරුණාතිලක 

යන අයගේ වංචා හා දූෂණ පිළිබඳව

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා අංශයේ අධ්‍යක්ෂ එස්.ඒ.ජේ. කරුණාතිලක  යන අයගේ වංචා හා දූෂණ පිළිබඳව ඔබතුමාගේ ගෞරවණීය අවධානය  යොමු කරනු කැමත්තෙමු.

හිටපු සෞඛ්‍ය ඇමති රාජිත සේනරත්නගේ ලඟම හිතවතෙකු වන මොහු  රාජිත සේනාරත්න සමග එක්ව නොයෙක් වංචා දූෂණ වල යෙදුනේය. ඒ වෙනුවෙන් රාජිත සේනාරත්න හිටපු ඇමතිවරයා මොහුට නොයෙක් වරප්‍රසාද හා තාන්න මාන්න ලබා දුන්නේය.

2016 සිට මේ වනතෙක් හිස්ව ඇති ජීව වෛද්‍ය ඉංජිනේරු අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධූරය පිරවීමට ඉඩ ලබා නොදී මොහු එම තනතුරේ රාජකාරි ආවරණය කිරීමට යොදවා ගත්තේ රාජිත ඇමතිවරයාට අවශ්‍ය කටයුතු මොහු ලවා කරවා ගැනීමට පහසු නිසාය.

මොහු විසින් පසුගිය කාලය පුරා සිදු කරන ලද දූෂණ  හා වංචාවලින් කිහිපයක් ඔබතුමාගේ කාරුණික අවධානය පිණිස පහත සටහන් කරන අතර එම කරුණු පිළිබඳව සොයා බලා නිසි ක්‍රියාමාර්ග ගන්නා මෙන් ඔබතුමාගෙන් ගෞරව පූර්වකව ඉල්ලා සිටිමු.

  1. නීතිවිරෝධී විදේශගතවීම්

රජයේ සේවකයෙක් වන මොහු රජයෙන් නිසි අවසර නොලබා විසි වතාවකට වඩා (20) විදේශගත වී ඇති අතර, ඒ වෙනුවෙන් විනය දඬුවම් ද ලැබූ පුද්ගලයෙකි.  මෙහිදී රාජිත සේනාරත්න  හිටපු ඇමතිවරයා  මොහුගේ දඬුවම අවම කිරීමට මැදිහත් වූ අතර,එම අවම දඬුවමද ක්‍රියාත්මක කිරීම වසරකට අධික කාලයක් පමා කලේය.තවද විනය නියෝග තිබ්යදීම මොහුව උසස් තනතුරු වලට පත් කිරීමට හිටපු ඇමතිවරයා කටයුතු කළේය.

මෙලෙස නීතිවිරෝධි විදේශ ගත වීම වලට අමතරව පෞද්ගලික විදේශගත වීම් ද විශාල ලෙස මොහු සිදු කර ඇති අතර, සාමන්‍ය රජයේ සේවකයෙක් වන මොහුට එතරම් වාර ගණනක්, අනුමැතිය ලබා හා නොලබා පෞද්ගලික ගමන් ලෙස විදේශගත වීමට මුදල් ලැබුණේ කෙසේදැයි සොයා බැලිය යුතුව ඇත.

 

  1. 2. මොහු විසින් කරන ලද බරපතල ටෙන්ඩර් වංචා වලින් කිහිපයක් පහත දැක්වේ.
  2. I. ශල්‍යාගාර ලාම්පු 35ක් මිලට ගැනීමේ ටෙන්ඩරය- BES/PF/2015/08

මේ පිළිබඳව අල්ලස් කොමිසමේද BC/0878/2018/B140  අංක යටතේ පරීක්ෂණ්යක් සිදුවෙමින් පවතී. සියලු තාක්ෂණ අවශ්‍යතා සැපිරූ ශල්‍යාගාර ලාම්පු අඩු මිලට ලබා ගැනීමට හැකිව තිබියදී මොහු එම ටෙන්ඩරයේදී නිර්දේශ කර ලබා ගෙන ඇත්තේ වැඩිම මිලට තිබූ ටෙන්ඩරයකි. මෙහිදී මොහු නොයෙක් ව්‍යාජ හේතු යොදමින් අඩු මිල ගණන් ටෙන්ඩර ප්‍රතික්ෂේප කර තිබුණි.අවම මිල ටෙන්ඩරය රුපියල් මිලියන 33 වූ අතර මොහු නිර්දේශ කල ටෙන්ඩරය රුපියල් මිලියන 59ක් වන අතර රජයට සිදු කල පාඩුව රුපියල් මිලියන 26 පමණ වේ.

II.නිර්වින්දන යන්ත්‍ර මිලට ගැනීමේදී සිදු කල වංචා

අංක දරණ ටෙන්ඩරයෙන් නිර්වින්දන යන්ත්‍ර 6ක් මිල්ට ගැනීමේදී වැඩිමිලට තිබූ  වර්ගයේ නිර්වින්දන යන්ත්‍ර මිලට ගත්තේ අඩු මිලට තිබූ වර්ගයේ යන්ත්‍රවල තාක්ෂණික දෝෂ ඇති බව පවසමිනි. මෙහිදී එක් යන්ත්‍රයක මිල රුපියල් මිලියන 2.5 පමණ විය.

ඉන් අනතුරුව දරණ ටෙන්ඩරය යටතේ නිර්වින්දන යන්ත්‍ර 137ක් මිලට ගැනීමේදී ඉහතින් ප්‍රතික්ෂේප කළ වර්ගයේ නිර්වින්දන යන්ත්‍රය මිලට ගැනීමට නිර්දේශ කර තිබුණි. එම යන්ත්‍රයක මිල රුපියල් මිලියන 1.5 පමණ විය.  මේ අනුව අවස්ථා දෙකකදී වර්ග දෙකක් නිර්දේශ කිරීමෙන්රජයට මූල්‍යමය පාඩුවක් සිදු කිරීමට අමතරව රෝගී ජීවිත අනතුරේ හෙලීමක්ද සිදු කර ඇත.

III.MRI SCANNER යන්ත්‍රයක් මිලට ගැනීමේදී සිදුව ඇති වංචා

BES/PF/2017/22E දරණ ටෙන්ඩරයෙන් මිලට ගැනීමට සූදානම් වූ MRI Scanner යන්ත්‍රය පිළිබඳ ප්‍රසම්පාදන කටයුත්තෙදී මොහු සියලු තාක්ෂණික අවශ්‍යතා සැපිරූ අඩුම මිල ටෙන්ඩරය කපා හැර වැඩි මිල ටෙන්ඩරයක් නිර්දේශ කල අතර මොහුගේ එම වංචනික ක්‍රියාව නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයට එම ටෙන්ඩරය අවලංගු කිරීමට සිදු විය.

  1. ඩෙංගු ව්‍යාපෘතියට උපකරණ මිලට ගැනීම

ඉහත ව්‍යාපෘතිය සඳහා උපකරණ මිලට ගැනීමේදී විවෘත ටෙන්ඩර් කැඳවීම නොකර , ඒ වෙනුවට රසායනාගර උපකරණ සැපයීමට ජීව වෛද්‍ය ඉංජිනේරු අංශයේ ලියාපදිංචි වූ සමාගම් වලින් මිල ගණන් කැඳවීමට මොහු තීරණය කර ඇති අතර , මෙහි ඇති වැදගත් කරුණ වන්නේ එලෙස රසායනාගාර උපකරණ සැපයීමට තම ආයතනයේ ලියාපදිංචි වූ සමාගම් නැති බව ආයතන ප්‍රධානියා වශයෙන් මොහු හොඳින්ම දැන සිටීමයි.  ඉන් පසු තම හිතවත් සමාගම් දෙකකින් පමණක් මිල ගණන් කැඳවා තිබේ.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More