පුද්ගලික හේතු මත කැමැත්තෙන් විශ්‍රාම ගැනීමට ඉල්ලීමක් කර ඇති කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට මහතා ලේකම් දූරයෙන් ඉවත් කොට එම තනතුරට වරාය සභාපති විශ්‍රාමික ජනරාල් දයා රත්නායක මහතා පත් කර ඇත්තේ ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතාගේ උවමනාවකට අනුව බව දැන් තහවුරු වෙමින් පවතී.
ඊට හේතුව, එසේ අනූෂ පැල්පිට මහතා වෙනත් තනතුරකට පත් කිරීමකින් තොරව විශ්‍රාම යවා ඇත්තේ ඒ මහතා විසින් වාචිකව කරනු ලැබූ ඉල්ලීමකට අනුව වීමයි. ඒ මහතා විසින් වාචිකව විශ්‍රාම යාමට කරන ලද ඉල්ලීමට අනුව ඒ මහතා විශ්‍රාම ගන්වා පසුව එතුමාගෙන් ලිඛිත ඉල්ලීමක් ලබා ගෙන ඇති බවද වාර්තා වේ.
ඒ අනුව කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ඉල්ලා අස්වීම එම ලේකම්වරයාගේ ප්‍රශ්නයකට වඩා වෙනත් උවමනාවකට අනුව සිදු වූවක් බව දේශපාලන ක්ෂේත්‍රයේ කතා බහට ලක්වී තිබේ. කෙසේ වුවද අනූෂ පැල්පිට මහතාගේ පුරප්පාඩුවට පත් කර ඇති විශ්‍රාමික ජනරාල් දය රත්නායක මහතාද කර්මාන්ත අමාත්‍යාංශයේ වැඩ භාර ගැනීමට සූදානම් නැති බවට සමහර අන්තර්ජාල පුවත් අඩවි වාර්තා කර සිටී.
එප්පාවල පොස්පේට් සමාගම කර්මාන්ත අමාත්‍යාංශයෙන් ඉවත් කර කෘෂි කර්ම අමාත්‍යාංශය යටතට පත් කිරීම මගින්ද ඒ බව සනාත වන බව දේශපාලන ක්ෂේත්‍රයේ කතා බහට ලක්වෙමින් පවතී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...