දේශීය පුවත්

දියර නයිට්‍රජන් සහිත කාබනික පොහොර ආනයනය කිරීමට රජය කටයුතු කරන බවට කෘෂිකර්ම අමාත්‍යයවරයා විසින් කරණ ලද ප්‍රකාශය පිළිබඳව ලංකා ලීඩ් වෙබ් අඩවිය විසින් ජාතික සංවිධාන එකමුතුවේ මතය විමසන ලදී. එහිදී දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍යය වසන්ත බංඩාර මහතා පවසන ලැබුවේ “දියර කාබනික පොහොර කියන්නේ ජාවාරමක් ඒවාට දැන් ප්‍රමිති හදලා ඒවා දිරිමත් කළාට එම දියර පොහොර වල යම් කාබනික ද්‍රව්‍යය සහිත දියර යම් ප්‍රමාණයක් තියෙන බව ඇත්ත. නමුත් ප්‍රමිතියට අනුව තිබිය යුතු රසායනික මූල ද්‍රව්‍යය වල අඩුව පුරවන්නේ රසායනික පොහොර දියකර එකතු කිරීම මගින්. වෙනත් වචන වලින් කියනවානම් රසායනික පොහොර ඝන ද්‍රව්‍යය වශයෙන් ආනයනය කිරීම වෙනුවට ඒවා දියර බවට පත්කොට වැඩි මිලට ආනයනය කිරීමක් තමා සිදුවන්නේ. බොහෝ විට ඒවාට පොහොර සහනාධාරයත් දීලා මහා වංචාවක් කරන්නත් ඉඩ ලැබෙනවා. ලංකාවට දියර කාබනික පොහොර බහාළුම් තුනක් ආනයනය කළ “ටයාන්” නැමැති සමාගම ආනයනය කර තිබෙන්නේ ඒ ආකාරයට රසායනික පොහොර දියකර හදන ව්‍යාජ කාබනික පොහොර වර්ගමයි. “ටයාන්” නම් සමාගමේ “ෆේස් බුක්” ගිනුමේ ප්‍රචාරය කළ සමහර කරුණු කෘෂි කර්ම අමාත්‍යයවරයාගේ යැයි හැඟෙන “ෆේස් බුක්” ගිනුමේද හුවමාරු වී තිබීම අහම්බයක් නොවන විශේෂිත තත්වයක්.” යනුවෙනි.



One thought on “ආණ්ඩුව හදන්නේ රසායනික පොහොර ඝන ද්‍රව්‍යය ලෙස ආනයනය කිරීම වෙනුවට දියර ලෙස ආනයනය කිරීමටද?- ජාතික සංවිධාන එකමුතුව ප්‍රශ්න කරයි”

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More