ක්‍රීඩා පුවත්

ක්‍රිකට් තරග පාවාදීම සම්බන්ධයෙන් අල් ජසීරා පුවත් සේවය නිකුත් කළ වාර්තාමය වැඩසටහනේදී හෙළිදරව් වූ පුද්ගලයන් පිළිබඳ සියලුම සාක්ෂි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට(අයි.සී.සී) ලබා දෙන ලෙස එම කවුන්සිලයේ දූෂණ මර්දන ඒකක ප්‍රධානී ඇලෙක්ස් මාෂල්, අල් ජසීරා පුවත් සේවයෙන් ඉල්ලීමක් කර ඇති අතර එංගලන්ත ක්‍රිකට් නායක ජෝ රූට් පවසා සිටින්නේ එම වාර්තාමය වැඩසටහනෙන් තම ක්‍රීඩකයන්ට චෝදනා එල්ලවීම කිසිසේත් පිළිගත නොහැකි බවයි.

‘අපේ ක්‍රීඩකයන්ට චෝදනා කිරීම ගැන අපිට කේන්තියි. මේ පිළිබඳව එංගලන්ත හා වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් අපේ සියලුම ක්‍රීඩකයන්ව දැනුවත් කරල තියෙන්නෙ. අපිට මේ ගැන එච්චර කලබල වෙන්න එපා කියලත් ඔවුන්(ක්‍රිකට් පාලක මණ්ඩලය) කිව්වා’ යැයි ජෝ රූට් පැවැසූ අතර අයි.සී.සී. දූෂණ මර්දන ඒකකයේ ප්‍රධානී ඇලෙක්ස් මාෂල් පවසා සිටියේ සාක්ෂි නොමැති වීමෙන් අයි.සී.සී. විමර්ශනයන්ට බාධාවක් වී ඇති නිසා මේ පිළිබඳ තොරතූරු සියල්ලම ඉදිරිපත් කරන ලෙස දිගින් දිගටම එම පුවත් සේවයෙන් ඉල්ලීම් කළද ඔවුන් සාක්ෂි ලබාදීම ප්‍රතික්ෂේප කරන බවයි. තවද එම වාර්තාමය වැඩසටහනේ නිෂ්පාදක කණ්ඩායමෙන් සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන සහ අනෙකුත් සාක්ෂි සියල්ලම ලබාදෙන ලෙස ඉල්ලා සිටින බවද ඔහු පැවැසීය.

අල් ජසීරා පුවත් සේවයෙන් පසුගියදා නිකුත් කළ එම වාර්තාමය වැඩසටහනෙන් ඔට්ටු ඇල්ලීම වෙනුවෙන් තරග පාවාදෙන අයුරු හෙළිදරව් කෙරිණි. 2016 වසරේදී ඉන්දියාව හා එංගලන්තය අතර චෙන්නායි හිදී පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගයක්, 2017 වසරේදී ඉන්දියාව හා ඕස්ට්‍රේලියාව අතර රංචි හිදී පැවැති ටෙස්ට් තරගයක් හා 2016 වසරේදී ඔස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර ගාල්ලේදී පැවැති ටෙස්ට් තරගයක් පාවාදීම (තණතීරුව පිළිබඳ තොරතුරු සැපයීම) පිළිබඳ කරුණු මෙයින් හෙළිදරව් වූ අතර මෙම වසර අවසානයේ ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවැත්වීමට නියමිතව ඇති තරගයක් පාවාදීමට සැලැසුම් කරන අයුරුද මෙහිදී හෙළිදරව් විය.

එම වැඩසටහනේදී විකාශය වූ රහසිගත වීඩියෝ පටිගත කිරීම්වල තරග පාවාදීම්වලට සම්බන්ධ ඉන්දීය ජාතිකයෙක් වෙනත් තැරැව්කරුවකුට (වෙස්වළාගත් අල් ජසීරා මාධ්‍යවේදියා) පවසා සිටින්නේ ‘ තරගය පිළිබඳ මම ඔබට පවසන දේ අනිවාර්යයෙන් වෙනවා වෙනවාමයි’ යනුවෙනි. තරග පාවාදීම්වලට සම්බන්ධ වූ ඕස්ට්‍රේලියානු හා එංගලන්ත ක්‍රීඩකයන් පිළිබඳවද ඔහු එහිදී සඳහන් කළ නමුත් එම ක්‍රීඩකයන්ගේ නම් හෙළිදරව් නොවන ලෙස වීඩියෝ පටය අල් ජසීරා පුවත් සේවයෙන් සංස්කරණය කර තිබිණි. තවද එම පුවත් සේවය පවසා සිටියේ ක්‍රීඩකයන්ගේ නම් අදාළ ක්‍රිකට් ආයතනවලට ලබාදීමට කටයුතු කරන බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරි ජේම්ස් සදර්ලන්ඩ් පවසා ඇත්තේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් මෙම තරග පාවාදීම්වලට සම්බන්ධ බවට සැලැකිය යුතු සාක්ෂි ඉදිරිපත්වී නොමැති බවයි. නමුත් අයි.සී.සී යට මෙයට අදාළ සියලුම සාක්ෂි අල් ජසීරා පුවත් සේවයෙන් ලබාදිය යුතු බව ඔහු පවසා සිටි අතර වැඩිදුරටත් අදහස් දැක්වූ ජේම්ස් සදර්ලන්ඩ් ‘මම අල් ජසීරා එකෙන් ඉල්ලා සිටිනවා මේ පිළිබඳ සංස්කරණය නොකළ මෙන්ම අනෙකුත් සියලුම සාක්ෂි අයි.සී.සී. යේ විමර්ශන කණ්ඩායමට ලබාදෙන්න කියලා. ඒකට අපේ ක්‍රීඩකයන් සම්බන්ධයි නම් ඊට පස්සෙ පුළුල් පරීක්ෂණයක් සිදු කරන්න පුළුවන්’ යැයිද සඳහන් කළේය.

– mawbima



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More